IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දියේ ගිලී සිසුන් මියයාමේ සිද්ධියට ගුරුවරු 4කගේ වැඩ තහනම්

(ප්‍රසන්න පත්මසිරි)

ත්‍රිකුණාමලයේ ගෝමරන්කඩවල ප්‍රදේශයේ පිහිටි 'මැදවච්චිය' වැවේ ගිලී සිසුන් සිව්දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල හාලිඇල විද්‍යා විද්‍යාලයේ විදුහල්පතිවරයා අනිවාර්ය විශ්‍රාම ගැන්වීමටත්, නියෝජ්‍ය විදුහල්පති සහ ගුරුවරුන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර, ගුරුවරියන් දෙදෙනා දුෂ්කර සේවයේ යෙදවීමටත් කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය පැවසුවාය.

මිය ගිය සිසුන් සිව්දෙනාගේ හදිසි මරණ පරීක්ෂණය කළ ගෝමරන්කඩවල හදිසි මරණ පරීක්ෂක ඒ.එස්.එම් රූමි මහතා ඉදිරිපත් වූ සාක්ෂි මත ගුරුවරුන්ගේ නොසැළකිල්ල අනතුරට මුලික හේතුව බව නිගමනය කර මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කර තිබූ අතර ඒ අනුව මෙම තීරණය ගෙන තිබිණි.

මෙලෙස අනිවාර්ය විශ්‍රාම ගැන්වූයේ, හාලිඇල විද්‍යා විද්‍යාලයේ විදුහල්පති හඳපාන්ගොඩගේ සේනක පත්මශාන්ත මහතාය. චාරිකාවට සහභාගී නොවුණද, ඔහු සෘජුවම වගකීම් පැහැරහැරීම නිසා එම තීරණය ගෙන ඇත.

වැඩ තහනමකට ලක්කර ඇත්තේ, නියෝජ්‍ය විදුහල්පතිආර්.එම් අශෝකපාල,ශ්‍රි ලංකා ගුරුසේවයේ කටයුතු කළ නන්නපුරාවේ ධම්මසිරි හිමි,ටී.බී සේසත් බුද්ධික චන්ද්‍රනන්ද,ඩී.එම් වික්‍රමසුරිය,දොරේසාම් ශ්‍රිකාන්තන් යන අයය. ඩී.එම් පත්මිණී මංගලිකා දිසානායක සහ ඩබ්ලිව්.එම් දයානි විජේකෝන් යන ගුරුවරියන් දෙදෙනා වසර දෙකක අනිවාර්ය දුෂ්කර සේවයේ යෙදවීමට කටයුතු කර තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර, චාරිකාවට සහභාගී වූ ගුරුවරුන්ට තාවකාලිකව ස්ථාන මාරුවීම ලබාදී, වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් පවත්වා දින 14ක් ඇතුළත නිර්දේශ සහිත පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියට පසුගියදා නියෝග කර තිබිණ.

එම නියෝගය අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය විසින් පස්සර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජේ.එම් සේනාධීර මහතා එම කම්ටුවේ සභාපති ලෙස පත්කරමින්, පළාත් අධ්‍යපන අමාත්‍යාංශයේ නිලධාරියෙකු හා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සමග ත්‍රිපුද්ගල කමිටුවක්ප ත්කර මුලික විමර්ශන කටයුතු කර ලබාගත් නිර්දේශ සහිත වාර්තාව අනුව වැඩ තහනමට ලක්කර තිබේ.

ඌව පළාත් රාජ්‍ය සේවයේ විනය කාර්ය සංග්‍රහයේ iiවන පරිච්ඡේදයේ 31:1:10 උප වගන්තිය යටතේ රාජකාරී වැඩ තහනමට ලක්කර තිබේ.

බදුල්ල හාලිඇල  විද්‍යාලයේ 10 වසරේ සිසු සිසුවියන් සහ ගුරු මණ්ඩලයේ 7දෙනෙකු පසුගිය 19 දින අධ්‍යාපන චාරිකාවක සහභාගී වී සිටියදී මෙම සිසුන් ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ දියනාමින් සිට ඇති අතර, දියේ ගිලී අනතුර සිදුව තිබේ.

දියේ ගිලීමෙන් මියගියේ, අනුහස් සමාධි, උමේෂ් ශිහාර්,නෙතික සන්ජිත්, අනුෂ අන්ජන ශ්‍රීපවන් යන සිසුන් ය.

වැඩ තහනමට ලක්වූ නියෝජ්‍ය විදුහල්පති හා ගුරුවරුන් සිව්දෙනා සම්බන්ධයෙන් ඉදිරියේදි විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා එහිදී අනාවරණය වන කරුණු මත ඉදිරි කටයුතු සිදුකරන බවද ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය පැවසුවාය.



අදහස් (3)

දියේ ගිලී සිසුන් මියයාමේ සිද්ධියට ගුරුවරු 4කගේ වැඩ තහනම්

මුණසිංහ Thursday, 12 March 2020 11:07 AM

විදුහල්පතිට මෙතරම් දඩුවම් දෙන්න ඔහු පැහැර හැරී වගකීම කුමක්ද?

:       0       0

Vihanga Friday, 13 March 2020 01:08 AM

මේක මහ අසාධාරණයක්. ළමයි ගුරුවරු කියන දේ අහන්නෙ නෑ. දඬුවම් කලොත් අම්මල තාත්තල පොලිසි යනවා නැත්නම් උසාවි යනවා. කියන දේ අහල හිටියනම් අදටත් ජීවත් වෙනවා.

:       0       16

sharm warn Friday, 13 March 2020 07:18 AM

මේක ඉතාම අසාධාරණ ක්‍රියාවක්. රවීට ඇප දෙන්නත් අත්අඩංගුවට නොගන්නත් නීති තියෙනවා නම් මෙවැනි අනතුරක් ගුරුවරුන්ගේ පිටින් නොයවන්නත් නීති තියෙන්න ඕන. ගුරුවරුන්ට නෙමෙයි දෙමව්පියන්ටවත් බේරන්න බැරි වෙන වෙලාවල් ඇවිල්ල නැද්ද ? ගුරු භවතුන් මේ ගැන ක්‍රියා මාර්ගයක් ගත යුතුමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site