IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


වාහන කීපයක මිල වේගයෙන් පහළට

(නිමල කොඩිතුවක්කු)

රට තුළ ඇතැම් වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ලංකාදීපයට පැවසීය.

පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා මත ඇතැම් වාහන වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වන බවත් කුලතුංග මහතා කීවේය.

සුසුකි  වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්,  ටොයටා ඇක්සියෝ, ටොයටා ප්‍රිමියෝ, ටොයටා රයිස්,  සී. එච්. ආර්, වෙසල්, ග්‍රේස් ඇතුලු මෝටර් රථ මෙලෙස වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වන බවත් ඔහු පැවසීය.

නමුත් වාහන මිල පහළ ගිය ද අමතර කොටස් හා වාහන නඩත්තු ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති බවද කුලතුංග මහතා තවදුරටත් කීවේය.

 



අදහස් (12)

වාහන කීපයක මිල වේගයෙන් පහළට

pakeer Wednesday, 28 September 2022 08:31 PM

ලංකාවේද? ජපානෙද? අඩුවෙන් තියෙනවා නම් අටපට්ටමට කියන්න.

:       4       81

ganegoda Wednesday, 28 September 2022 09:05 PM

ඉන්ධන මිල වැඩිවෙනකොට, ඉන්ධන වැඩිවෙනකොට ඔය ලොකු වාහන තෑගි ලැබුණත් කවුරුත් ගන්න කැමැති නැහැ...!

:       0       0

wicky Wednesday, 28 September 2022 09:38 PM

අඩු වෙන්න නම් ඔනි. ඉන්ධන මිල වැඩී, සහ අමතර කොටස්, ටයර්, ඔයිල් වල ඉදල.... නමුත් කොහෙද අඩුවට තියෙන්නෙ කියන්නකො

:       1       19

වාහන කුලයා Wednesday, 28 September 2022 10:03 PM

මූ හිටපු ගමන් මෙහෙම ට්‍රික් එකක් දාලා බලනවා... එතකොට වාහන විකුණන්නේ නැතිව තව ගණන් යයි කියලා හිතා ඉන්න මිනිස්සු සේල්කාරයෝ ඉල්ලන ගානට දීලා දානවා... මේ සේල් කාක්කෝ ඊට පස්සේ කියනවා වාහන තව අවුරුදු 2කින් ගෙන්නන්නේ නෑ කියලා.. වාහන ගත්තු මිල වගේ තුන්ගුනයකට විතර විකුණනවා... මේ රටේ වාහන මිල මාෆියාව කරන්නේ වාහන සේල්කාරයෝ... මුන්ට අහුවෙන්න එපා... ලංකාවේ කිසිම දෙයක මිල අඩුවෙන්නේ නෑ...

:       1       42

Mahi Wednesday, 28 September 2022 11:24 PM

Bicycle කීයද. මට bicycle ක්‌ ගන්න ඕනා. කරැනාකර ලාබෙට හොයා ගන්න තැන ක්‌.

:       1       2

malinda Thursday, 29 September 2022 08:20 AM

මුන්ගෙ බොරු කාලකන්නි බිස්නස් එකට කෙල වෙනකොට ආරන්චියක් යවනවා වාහන මිල අඩු කරනවා කියලා ඊට පස්සෙ මිනිසුන්ගෙ වාහන අඩුවට අරන් වෑඩියට විකුනනවා.

:       1       34

Deepal Nirosh Thursday, 29 September 2022 10:15 AM

වාහන මිල අඩු වුණත් වැඩි වුණත් මේ ජීවන අරගලයක් මැද්දෙ කාට ද ඉන්ධන සපයාගෙන වාහන දුවවන්න පුළුවන්. අනෙක ඉන්ධන භාවිතය අඩුවීම රටට දීර්ඝ කාලීනව යහපතක්. ඉන්ධන වියදම වගේ ද වාහනයක නඩත්තු වියදම.

:       0       2

ddd Thursday, 29 September 2022 11:39 AM

ඇත්තෙන්ම වාහන මිල තව 30% සිට 40% දක්වා අඩු කළ යුතුයි.

:       0       0

fairoos Thursday, 29 September 2022 12:08 PM

මේ ආණ්ඩුව ඉන්නකන් අඩුමිලට ගන්න වෙන්නේ පුන්නක්කු විතරයි.

:       0       1

දිමුත් Thursday, 29 September 2022 12:36 PM

දැන් නම් වාහනයක් නඩත්තු කරන එක අමාරු වැඩක්.

:       0       0

Athula Thursday, 29 September 2022 07:59 PM

රටක ආර්ථිකය කඩවටෙනකොට සියල්ල බිඳ වැටෙනවා මේක තේරුම් කරලා දුන්න අනුරලා එදා සිට නමුත් බොහෝ අයට වැටහුනේ නැහැ ප්‍රසිද්ද මුහුණු වලට තිබුන ඇල්ම නිසා දැන් සේරම කෙලවුනට පස්සෙ තමයි වැටහෙන්න පටන් අරන් තියෙන්නේ

:       2       0

sampath Monday, 03 October 2022 05:25 PM

පරණ යකඩ ගොඩවල් සහ ප්ලාස්ටික් ගොඩවල් වලට ජීවිත කාලෙම ෆිනෑන්ස් ගෙවනවා... මේක ලෝකයේ ලොකුම මාෆියාවක්... ලෝකයේ කිසිම රටක වාහන මේ තරම් මිල නැතිව ඇති. ලංකාවේ සාමාන්‍ය වාහනයක් ගන්න සල්ලි වලින් පිට රටක වෙඩි නොවදින වාහනයක් ගන්න පුළුවන් ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1246 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site