IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කංසා හේනකට ගිනි තියයි

( අමිල සම්පත් ශ්‍රී)

තිස්සමහාරාම පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත තිස්සමහාරාම යාල ජාතික උද්‍යානයේ විදුලි වැටට ආසන්න ගල් ආර ප්‍රදේශයේ අක්කර භාගයක් පමණ මහා වනාන්තරය හෙළිපෙහෙළි කර සිදුකරනු ලැබූ කංසා හේනක් වැටලීමට තිස්සමහාරාම පොලිසිය අද (26) කටයුතු කර තිබේ .

මෙම කංසා හේන පවත්වාගෙන ගියතිස්සමහාරාම සඳගිරි ගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු තිස්සමහාරාම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට   ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තිස්සමහාරාම පොලිසිය පවත්වයි .

උප පොලිස් පරීක්ෂක කැලුම් හෙට්ටිආරච්චි ,පොලිස් සැරයන් ආර් පී එස් කුමාර ,පොලිස් කොස්තාපල් එච් ඩබ්ලිව් සී පුෂ්පකුමාර ,පොලිස් කොස්තාපල් එච් . ඒ මනුප්‍රිය, පොලිස් කොස්තාපල් ඒ පී ගයාන්, පොලිස් කොස්තාපල් එච් එම් ඩීදේශාන්  යන නිලධාරීහු මෙම මෙහෙයුමට එක් වූහ..



අදහස් (1)

කංසා හේනකට ගිනි තියයි

fairoos Wednesday, 26 January 2022 02:53 PM

අපරාදේ, ඩයනා මැතිණියට දෙන්න තිබ්බේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site