විනීතා එම් ගමගේ
දෙවන පාසල් වාරය මැයි 11දින ආරම්භ කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් කියයි.
මීට පෙර රජය තීරණය කර තිබුණේ අප්‍රෙල් 20 වැනිදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමටය.
කොරෝනා වයිරසය පැතිර යාම හේතුවෙන් පාසල් දරුවන්ගේ ආරක්ෂාව උදෙසා දින නියමයක් නැතිව වසා දැමුණු පාසල් පද්ධතිය ආරම්භ කිරීම මැයි 11 ආරම්භ කිරීමට තීරණය වී තිබේ.
COMMENTS
නමුත් මේ තීරණය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම ඇත්තේ මහජනතාව අතේ. තව දුරටත් හැංගිමුත්තන් කළොත් රටම බරපතල විදියට අනතුරේ.
තවම කල් වැඩියි මෙම තීරණය ගන්න. අඩුම තරමින් අප්‍රේල් 25 පසුවවත්(හරිනම් දින 21 ක් -18 වෙනිදා) අලුතින් රෝගීන් හමු නොවුනොත් ගැටළුවක් නැහැ. නමුත් පාස්කු ප්‍රහාරයේදී වගේ දේශපාලන උවමනා මත බොරු බිල්ලෝ මවාපාන්න පුළුවන්. කෙසේ වෙතත් දරුවන්ගේ ආරක්ෂාව තමා වැදගත්. මේනම් චන්දය ඉක්මනින් තියන්න තියෙන උවමනාවට කරන වැඩක්.
20 වැනිදා තිබුණු දවස කල්දැමීමක් විතරයි. හැබැයි මුලින්ම ඇදිරි නීතිය නැතිව ආයතන නිවාඩු දීලා දවස් දෙකක් විතර ගියාම ආයතන පටන් ගත්තා නම් හොදයි..
හැකි විගසින් පාසල් අරඹීම සතුටට කරුණක්. හැබැයි ප්‍රථමයෙන් ඇඳිරි නීතිය මුළු දිවයිනටම බලපාන පරිදි ඉවත් විය යුතුයි. ඉන් දින කිහිපයක් පරීක්ෂාවෙන් සිට කාර්යාල හා ප්‍රවාහන සේවා යථා පරිදි ඇරඹීමට හැකි විය යුතුයි. ඉනුත් සුමානයකට පමණ පසුවයි පාසල් නැවත ඇරඹිය යුත්තේ. පළමුව ආරක්ෂාව....