IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


අවසර නැතිව ඩ්‍රෝන කැමරාවක් යැවූ ගුවන් නියමුවා අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)
 
නුවරඑළිය මීපිලිමාන ප‍්‍රදේශයේ දී නිසි අවසරය නොමැතිව  ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ  ගුවන් නියමුවකු විශේෂ කාර්ය බලකාය  විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මීගමුවේ පදිංචි මෙම පුද්ගලයා සිය පවුලේ පිරිස සමග නුවරඑළියට පැමිණ  ඩ්‍රෝන යානය ගුවන් ගතකර ඡායාරූප  ගනිමින් සිට ඇත.  යුද හමුදා බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් ලබාදුන් තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (1) මොහු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
 
මොහු විදේශ ගතව සිට  පැමිණි අවස්ථාවක මෙම ඩ්‍රෝන කැමරාව මෙරටට ගෙන්වා ඇති  බවත් ඒ සඳහා කිසිදු බලත‍්‍රයක්  නොමැති බවද  විශේෂ කාර්ය බලකාය පවසයි.
 
ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව  ඩ්‍රෝන කැමරා ගුවන් ගත කිරීම තහනම්  කර ඇති අවස්ථාවක සැකකරු ඒ බව  නොතකා මෙම   යානාව  ගුවන් ගතකර ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
 
 සැකකරු  කැමරාව, දුරස්ථ පාලකය ඇතුළු උපකරණ සමග වැඩිදුර පරීක්ෂණ සඳහා නුවරඑළිය පොලිසිය බාර දී ඇත.



අදහස් (3)

අවසර නැතිව ඩ්‍රෝන කැමරාවක් යැවූ ගුවන් නියමුවා අත්අඩංගුවට

beau Monday, 02 December 2019 08:10 AM

මෙයාගේ හිතේ එයා ගුවන් නියමුවෙක් නිසා අහසින් යන දෙවියෙක් කියලා. වැරදිය. එයාත් රටේ නීතියට අනුව ජීවත් විය යුතුයි.

:       76       98

sharm warn Monday, 02 December 2019 09:58 AM

හොද වැඩේ අඩු ගානේ තමන්ගේ රටේ නීතියවත් නොදැන නාඩගම් කරනවට.

:       6       24

Dilan Monday, 02 December 2019 12:16 PM

ඩ්‍රෝන කැමරාවක් යැව්වම ගුවන් නියමුවෙක් වෙනවද?

:       2       127

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 307 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1617 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site