තරිඳු ජයවර්ධන සහ නිමන්ති රණසිංහ
ඩුබායිහි දී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ මහරගම නිවස සෝදිසි කළ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එහි තිබී කොකේන් ඔතන ලද කොපු දෙකක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රංගන ශිල්පී රයන් වැන්ඩන්ඩ්‍රස්ට්‍රායිගේ නිවස පරීක්ෂා කළ විශේෂ කාර්ය බළකාය ඔහුගේ සහෝදරයකු ද අත්අඩංගුවට ගෙන ඇත. සහෝදරයා අත්අඩංගුවට ගත්තේ කුඩා ඩිජිටල් තරාදියක් සහ රහස් සාක්කු සහිත කළු පැහැති ගමන්මල්ලක් එම නිවසේ තිබී හමුවූ නිසා බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර තිබේ.
විශේෂ කාර්ය බළකායේ ආරංචි මාර්ග මුලින් කීවේ ගායක අමල් පෙරේරාගේ සහෝදරයකු ද අත්අඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත් ඔහුගේ සහෝදරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තද අත්අඩංගුවට නොගත් බව පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමනේ, අපි සාධාරණ වෙන්න එපැයි. කොකේන් ඔතන කොපු දෙකක් හම්බවුනාට, රහස් සාක්කු තියෙන ගමන් මල්ලක්වත්, පුංචි තරාදියක්වත් හම්බවුනු පමණින් කොකේන්වත්, වෙනත් මත්කුඩුවත් හම්බවෙලා නැහැනේ. අනික තරාදියක්වත්, මල්ලක්වත් තියාගන්න මිනිස්සුන්ට ලයිසන් ගන්න ඕනෙත් නැනේ. ඒ නිසා ලංකාවේ පොලිසිය විහිලු වැඩ නොකර අදාළ වැඩේ කළා නම් තමයි හොඳ. ඕවා බොරු සංදර්ශන. ඔය සහෝදරයෝ වහාම නිදහස් කරන්න වෙයි. නැත්නම් යන්න වෙන්නේ මානව අයිතිවාසිකම් නඩුවලට යන්න .
මේ අය ගැන ඉස්සර ඉඳලා තිබුනේ හොඳ පුවත් නොවේ.
වෙරි බෑඩ්. කියන්නත් සෑඩ්.
හැම ක්ෂේත්‍රයටම මත්ද්‍රව්‍ය බැහැලා ලංකාවම නැතිවෙලා ඉවරයි. වහාම මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න.
කුම්බලා මලු කැවානම් දුක් විදපන් බල්ලෝ කිවුවලු .....!!!
අද සංගීත සංදර්ශන පවත්වන බොහෝ දෙනා වේදිකාවේ හැසිරෙන ආකාරය දුටු විට, ඔවුන් මත්කුඩු භාවිතා නොකරනවා යයි කිවොත් එය පුදුමයකි.
දකුණේ අහිංසක කැස්බාවෝ ඇතිකරපු මනුස්ස්හයාට රාජපක්ෂලාගේ බලපෙන්නේලා වදදුන්නේ මේ ගායක නඩේ නේද?
මර්වින් පෙරේරාටකියන අසහාය පරිපූර්ණ ගායකයාට තමන්ගේ දරුවන් නිසියාකාරයට සමාජගතකිරීමට නොහැකිවීම ගැන ඔහුට අසන්නට නොලැබී කලින්ම ස්වර්ගස්තවීම ඔහුගේ වාසනාවක්..
2015 පසු මෙම මත ද්‍රව්‍ය වියාපාරය වර්දන වේගය වැඩි වෙලා තියෙනවා හේතුව නම් පාලක පක්ෂය තම මේකේ ආරම්බය 1977 පසුව ගොඩ පාදර්ල හිටියේ එතන දැන් තේරෙනවා නේද දන වාදය කොතනද කියල ඔහොම යමු
දන්නා දෙයක් කතා කරන්න සමන්ත.
ගෙවල් පරීක්ෂ කලා පරක්කු වැඩයි. ප්‍රබකරන්ව අල්ලලා අත්හැරිය මතකයිනේ ඊට පසු උන විනාසය . මුන්ව අතාරියොත් ලංකාව ඉවරෙටම ඉවරයි.
වැරදි වැඩේ කෙරුවනම් එයට සුදුසු දඩුවම ලැබිය යුතුමයි ,නැතිනම් ඔහු නිදහස් වේවි . ලංකාවට වැඩිය ඩුබායි නිතිය හොදයි .
කොහොමත් කල දේ පල පල දේ කියනවනේ, තරාතිරම කොහොම උනත් වරදට නිසි දඩුවම් ලැබෙන්න වෙනවා. මීට කලිනුත් වැරදි තිබුන නේද සුදු කස්බවෙක් ද ගැනද මන්ද?
මේවා මේ මහා පුදුම වෙන්න ඕනෙ කාරණා නෙමෙයි, මේවා සමහර පොලීසියේ හා අරක්ෂක අංශ නිලදාරීන් දැනුවත්ව යන දේවල්. අපේ ජීවිත ගමනේ මග තොට, සමාජය තුල අපි ඇහින් දැකලා තියනව සමහර ගායන හා රංගන ශිල්පීන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ලස්සනට කරගෙන රට වනසන අයුරු, ජීවිතයට ආදරේ නිසා නොදැක්ක වගේ ජීවත් වෙනවා
මම සපුමල් මෙවැනි හොර සපුමල්ලාට නොරැවටෙන්න. ඔවුන් කරන්නේ බලය ඇත්තන්ට කඩේ යාමයි. දේශපාලන අනාතයන් ඒ අතර සිටිය හැක.
කුඩුකාරයන්ගේ කල දවස නරක් වේගෙන එනවා. ඊයේ රෑ ඇමරිකාවෙන් ඔස්ට්‍රේලියාවට ගෙනියන්න උත්සාහ කරපු කුඩු ටොන් 1.7 ක් සැකකරුවන් සමගම අහු වෙලා. මේක ඕස්ට්‍රේලියන් ඩොලර් බිලියන 1.29 එහෙම නැතිනම් රුපියල් බිලියන එකසිය හැට දෙකක් විතර වටිනාකමක් තියන කුඩු තොගයක්.
මට හිතෙන දෙයක් කියන්නම්, මීට අවුරුදු කිහිපයකට උඩදී සුදු කැස්බෑවාගේ සීන් එකේදී අමල්ගේ නම ගෑවුනා මතකයිනේ.. එතකොට දැන් තහවුරු වෙනවා අමල් ඉන්නේ කවුරුන් සමගද කියන එක. මේකෙන් පැහැදිලිවෙන දෙයක් තමයි ඒ සීන් එකේදිත් අමල් ඇත්තටම ඔය කැස්බෑව ඉස්සුවා වෙන්න බැරිද, අන්තිමේ මධුශ්ගෙන් ආපු මරණ තර්ජන වලට බයේ ඒ කැස්බෑවාගේ අයිතිකාරයා ඒ වැරැද්ද කලේ එයාමයි කියලා වැරැද්ද බාරගෙන අමල්ව බේරුවා වෙන්න බැරිද.
පැනල දුවපු අංගොඩ ලොක්කව අල්ලල කූඩු කර ගත්තොත් තමයි ඩුබායි පොලිසියට ගෞරවයක් හිමිවෙන්නෙ. නැත්නම් කුජීතයි. මොකද? ඔය ක්‍රියාන්විතය සාර්ථක වෙන්න විශාල දායකත්වයක් දුන්නෙ අපේ පොලිසියෙන්.
මල් පිට මල් වැටෙන දිගු මාවතේ ....................