IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලුණු ලේවායේ හිටපු සභාපතිට මැර ප්‍රහාරයක්

(දිලීප් ජයසේකර)


හම්බන්තොට ලුණු ලේවායේ හිටපු සභාපති ආයුබ්ඛාන් මහතා ඇතුළු තිදෙනෙකුට අද (14) ලුණු ලේවාය අසළදී කිසියම් පිරිසක් විසින් පහර දි ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ හම්බන්තොට ලුණු ලේවායේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අයුබ්ඛාන්(56) , හිටපු සභාපති වරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස කටයුතු කළ  බුන්දල, වැලිගත්ත පදිංචි වීරප්පුලි ගමගේ ශ්‍රියානන්ද(59) හා මහලේවාය, හම්බන්තොට පදිංචි සහකාර ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ තුෂිත් චින්තක අමරවිර(43) යන තිදෙනායි.

පහරකෑමට ලක් වූ හිටපු සභාපති වරයා ඇතුළු තිදෙනා සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියට 14 දින පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පහරකැමට ලක් වු හිටපු සභාපති ආයුබ්ඛාන් මහතාගෙන් කළ විමසිමකදි ඒ මහතා මෙසේ පැවසීය.

"ලුණු ලේවායේ සභාපති වරයා මමයි.මට කිසිදු දැනුම් දීමකින් තොරව පෙරේදා (13) ලුණු ලේවායට නව සභාපති වරයෙකුත් පත් කර තිබෙනවා. ඒ මොන පත් කිරීම කලත් තවමත් නිත්‍යණුනුකූල සභාපති මමයි. මම ඊයේ (14) දහවල් ලුණු ලේවායට ගියේ එහි ඇති වු බව කියන නොසන්සුන්කාරී තත්වයක් සම්බන්ධයෙන් සොයා බැලිමටයි.

ලේවාය ඇතුළේ අද (14) පෙරවරුවේ පිටතින් ආව පිරිසක් එක්ව විරෝධතාවයක් පවත්වලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා මට දුරකතනයෙන් කතා කරලා කිව්වා වහාම ලේවායට ගිහින් ඒ තත්වය පිළිබදව සොයා බලා ආරක්ෂක අංශ වෙත උපදෙස් දෙන ලෙස. ඒ අනුව මම තවත් දෙදෙනෙකුත් එක්ක ලුණු ලේවායේ ප්‍රධාන පිවිසුමේ සිටින ආරක්ෂක නිලධාරින් හමු වෙලා ඒ අයට උපදෙස් දුන්නා ලේවාය පරිශ්‍රයට පිටතින් පැමිණෙන කිසිවකුටත් ඇතුළුවෙන්න දෙන්න එපා කියලා. එහෙම කියලා මම එනකොටයි මේ මැර ප්‍රහාරය මටත් මගේත් එක්ක ගිය දෙදෙනාටත් එල්ලවුණේ. මන් මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට පැමිණිල්ලක් සිදු කලා. පැමිණිල්ලට සාධාරණයක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

පහරදීම සම්බන්ධයෙන් පොලීසිය ලද පැමිණිල්ලට අනුව හම්බන්තොට මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි. 



අදහස් (4)

ලුණු ලේවායේ හිටපු සභාපතිට මැර ප්‍රහාරයක්

athula Wednesday, 14 November 2018 07:45 PM

මෙහෙම අයට රටක් පාලනය කරන්න දෙනවද කියලා හිතෙන්නෙම නැතිද .

:       0       0

Chanak Los angeles Wednesday, 14 November 2018 09:46 PM

පේනවාද පොහොට්ටුව ආවොත් වෙන වැඩ ?

:       0       0

rocky Thursday, 15 November 2018 01:06 AM

ඔය පටන් ගත්තා විතරයි

:       0       0

ආයුබ්කාන් Sunday, 18 November 2018 06:19 PM

"...යේක අපිලට තමයි අප්පා ගැහුවා.. අපි අරාබියට මේක කියනවා. එතකොට උඹලාට තෙල් දෙන්නේ නැහැ... මම අදම යනවා සවුදි රජ්ජුරුවන් වහන්සේ බැහැ දැකලා. තෙල් නවත්තනවා. පොල්තෙල්වලින් කාර් දුවපල්ලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 136 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site