IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වෙලේ සුදාගේ සමීපතමයකු මත්කුඩු සමඟ අත්අඩංගුවට

(කේ බුද්ධික කුමාරසිරි )
 
බන්ධනාගාර ගතව සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන සමන්ත කුමාර නොහොත්   “වෙලේ සුදා” නමැත්තාගේ සමීපතම ඥාතීයෙකු හෙරොයින් මත්කුඩු සමඟ අද (16) දින  පාදුක්ක බටහිර හොරගල පිහිටි සැකකරුගේ නිවසේදී අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
 

මීගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකරුගේ නිවස වටලා සැකකරු අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සැකකරු හැඳ සිටි කලිසමේ දකුණු සාක්කුවේ තිබි හෙරොයින් පැකට් 110 ක් සොයා ගැනිමට හැකි වූ බවත් එහි මුළු බර ග්‍රෑම් 6 මිලි ග්‍රෑම් 200 ක් බවද පොලිසිය පවසයි.
 
මෙලෙස  අත් අඩංගුවට පත්ව ඇත්තේ පාදුක්ක බටහිර හොරගල පදිංචිව සිටි විතානගේ දුමින්ද කුමාර නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි.
 
සැකකරු සමන්ත කුමාර නොහොත් “වෙලේ සුදා” ගේ ඥාතී සහෝදරියක් විවාහ කරගෙන සිටින බවත් සැකකරුගේ පියා සහ සමන්ත කුමාර නොහොත් “වෙලේ සුදා” අතර ඇති වූ ගැටුමක් නිසාවෙන් වෙලේසුදා විසින් දෑත් දෙකම කපා දමා ඇතැයිද අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
 
සැකකරු සහ අත් අඩංගුවට ගත් මත්කුඩු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 



අදහස් (2)

වෙලේ සුදාගේ සමීපතමයකු මත්කුඩු සමඟ අත්අඩංගුවට

gamage Wednesday, 16 September 2020 06:27 AM

මාළඹේ සිටින කුඩු මුදලාලිලා අල්ලන්න

:       0       0

Kamal Koyrala Wednesday, 16 September 2020 09:58 AM

දැන් අහුවෙන සේරගේම පාතාලයන්ගේ සමීපතමයෝ... එහෙකම් ළඟදී අල්ලපු හමුදා කර්නල්වරයාගේ සමීපතමයා කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 469 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site