(කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක ආවරණය කළ කුඩා කාමර තුල බාලවයස්කාර දරැවන් ලිංගික කටයුතු සිදු කරන බවට ලද පැමිණිලි මත එම ස්ථානය අද (24) දින වැටලූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
ඒ අනුව අදාල වැටලීමේදී අදාල කුටි තුල සිටි තරැණ ජෝඩු 24 ක් හමු වූ බවත් වටලන අවස්ථාවේදී බොහොමයක් ජෝඩු එහි සිටි බැවින් එම සියලු දෙනා කැදවා එම දරැවන්ට කරැණු පැහැදිලි කර දී උපදෙස් ලබා දීමෙන් පසු අදාල දැරියන්ගේ භාරකරැවන් වෙත දුරකතන ඇමතුම් ලබා දී මුදා හැරීමට කටයුතු කල බවත් පොලිසිය පවසයි.
තම දරැවන් සමග අදාල උද්‍යානයට යාමේදී පාසල් වයසේ දරැවන් වැනි දරැවන් අදාල ආවරණය කළ කුඩා කාමරතුල නොහොබිනා අයුරින් සිටන බැවින් මේ සදහා පියවරක් ගන්නා ලෙස ප්‍රදේශයේ දෙමාපියන් ආගමික නායකයන් සහ බුද්ධි අංශ මගින් සිදුකල පැමිණිලි මත හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් සෝදිසි කිරීමේ නියෝගයක් මත මෙම වැටලීම සිදුකල බවද පොලිසිය පවසයි.
ඉතාලියේ සිසිලියා දූපතේ කතානියා නගරයේ පිහිටි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළේ මියගිය ශ්‍රී ලාංකිකයකුගේ වකුගඩු දෙක, හෘදය වස්තුව අක්
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා හදිසියේ රෝගාතුර වී කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ඇතුත් කර ඇතැයි වාර්තාවේ.
නිසි ක්‍රමවේදයකින් නැතිව ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් කුප්පි මීළදී ගෙන රජයේ රෝහල්වලට බෙදාහැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන
ඉදිකිරීම් සහ භූමි අලංකරණය, සංචාරක කර්මාන්තය, දේපළ වෙළෙඳාම්, ආරක්ෂණ සේවා ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් පුරා විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන SMS හෝල
අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ නිරතව සිටියේ යැයි කියන පුද්ගලයකු කොළඹ, මට්ටක්කුලිය පොලිසිය විසින් පෙරේදා (27) ස
ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ සම්මේලනයේ සාමාජිකයින් පිරිසක් විසින් ලාභාංශ ලබා ගැනීමේ අරමුණින් පෞද්ගලික ආයතනයක තැන්පත් කරනු ලැබූ රුපියල් කෝටියකට අධික ම
අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”
නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක්‍රිකට් වැනි ක්ෂේත්රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
පෙම් කෙලින්න දරුවන්ට කාමර දීලා
මේරි - මිගමුව Sunday, 24 September 2023 05:51 PM
පොලිස්පතිතුමනි, බොහොම හොඳ ක්‍රියාමාර්ගයක්. එතකොට මීගමුවේ තියෙන "රූම්ස් " අල්ලන්නේ කවදාද? ඒවා අල්ලන්න බයද? එහෙම නැතිනම් මීගමුව පොලිසිය රූම්ස් කාරයින්ගෙන් ජරාව කනවාද? හලාවත පාර, මිනුවන්ගොඩ පාර, කිඹුලාපිටිය පාර, ලාසරස් පාර... රූම්ස් වලට ප්‍රසිද්ධම පාරවල්. මේවා රේඩ් කරන්න පොලිසිය අදිමදි කළොත්... ප්‍රදේශයේ ජනතාව විසින් ඔය කියන රූම්ස් තියෙන ගෙවල් කුඩු කරන බව කියනවා...
Lankaputha Sunday, 24 September 2023 06:12 PM
දේශපාලකයින්ගේ ආදායම්....
sureshSunday, 24 September 2023 10:48 PM
බෝලවලානේ අපි ඕනෑම අවස්තාවක ලැහැස්තියි ඔය රුම්ස් දෙන ගෙවල් කුඩු කරන්න.මේ පාහරයෝ ලජ්ජා නැතිව " රුම්ස් " කියලා බෝඩ් එල්ලාගෙනත් ඉන්නවානේ.අපේ පොඩි ළමයි අහනවා " කවුරුත් දන්නවානේ ගෙවල්වල රුම්ස් තියෙනවා කියලා.ඉතින් විශේෂයෙන් මොකද රුම්ස් කියලා බෝඩ් එල්ලාගෙන ඉන්නේ ?" කියලා.ඔය නපුන්සකයින් මීගමුවෙන් ගහලාම පන්නන්න ඕනා.
ThusharaMonday, 25 September 2023 09:50 AM
මේරි නෝනා. කවුරුවත්ම බලෙන් රූම්ස් උස්සන් යන්නේ නෑනේ.. හොඳම වැඩේ තමයි රූම්ස් යන වැඩි දෙනෙක් ගෙවල් වල අවශ්‍ය නිදහස නැති විවාහක යුවලවල් වීම.. ඔබලා වගේ අය නිසාම තමයි ඒ තත්වය ඇති වෙලා තියෙන්නේ. ලිංගිකත්වය මහා කුණුහරුපයක් විදියට දකින්න කලින් මිනිසුන්ගේ අවශ්‍යතාවයක් විදියට දකින්න පුරුදු වෙන්න.. බාල වයස් කරුවන් නොමග යන්නේ ඒ අයගේ දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසා මිසක් කාමර ලබාදෙන අය නිසා නොවෙයි.
පියල් l වීරසිංහ Sunday, 24 September 2023 06:16 PM
ඔය ගණිකා නිවාස සෑම නගරයකම තියෙනවා. ඒවා ගොඩක් පොලිසියේ දනුම් තේරුම් ඇතිව කෙරෙන නිවාස. ඉන්න හිතෙන රටක්....
Lalla Monday, 25 September 2023 07:27 AM
තම දරුවන්ට හොඳ නරක කියලා නොදී ලෝකයා හදන්න බෑ. ඔය කියන රූම්ස් වහලා දාන්න නම් හෝම් ස්ටේ සංචාරක ප්‍රවර්ධනය නවත්තන්න වෙනවා. ලෝකය පිළිගන්න දේ අපට නවත්තන්න බෑ. එහෙමනම් සංචාරක ව්‍යාපාරය නවත්තන්න. ඒ එන ගෑණු පිරිමි කසාද සහතික අරගෙන එන්න කියලා දන්වන්න... අනික ඔය වැටලීමෙන් පසුව බාරකාරයින්ට එකවර දැනුම් දී බාරදීම ළමයින්ට පෞරුෂය විනාශ කිරීමක්... දැඩි අවවාද දී පිටත් කිරීම බැරිද?
Bunny Preena Monday, 25 September 2023 09:10 AM
ඉරිසියාකාරයෝ යමක් හොයාගන්න දෙන්නේම නැහැනේ... කියලා සමහර අයවලුන් මැසිවිලි නගයි.
Bunny Preena Monday, 25 September 2023 10:49 AM
එවැනි ස්ථාන කුලියට දෙන සමහර පුද්ගලයින් එම වයසේම ගැහැණු, පිරිමි දරුවන් ඉන්න තාත්තලා, නමුත් තම දරුවන් බේරිලා අනික් දූදරුවන් විනාශ වුණාට ඒ ගොල්ලන්ට කිසිම ගාණක් නැහැ. සල්ලි තමයි ප්‍රධාන ඉලක්කය. අවසානයට ඔවුන්ටත් කළ පවු ඵලදී සියලු දේවල් තේරුම් ගන්නා විටදී ඔවුන්ගේ දරුවන්ටද සිදුවිය යුතු සියලු කරදර සිදුවී හමාරය. ධාර්මිකව, සාධාරණව මුදල් හම්බ කරමු.
බද්රානි Monday, 25 September 2023 01:28 PM
ලිංගිකත්වය ඇලජික් මීගමුවේ මේරි නෝනට ගොඩක් ඩෝන් ගිහිල්ලනේ... තරුණ ජෝඩුවකට බස් එකක එකළඟ ඉඳගෙන යද්දී පවා ඔරවන මේරි නෝනලා වගේ අය ලංකාවේ ඉන්න නිසා තමයි තරුණ තරුණියන්ට මේ වගේ තැන්වලට යන්න සිදුවෙලා තියෙන්නේ... උද්‍යානයකදී හෝ මුහුදු වෙරළකදී තරුණ ජෝඩුවක් ආදරයෙන් අත්වැල් බැඳගෙන ඉන්නවා දැක්කාම මේ අයගේ ලිංගික ඉරිසියාව ඉස්මතු වෙනවා.. යොවුන් ආදරය නොහඳුනනවා වගේ හැසිරෙන වැඩිහිටියන් දැක්කාම මට නම් හිතෙන්නේ..., ඔවුන්ගේ තරුණ අවධියේ කිසියම් ඇබැද්දියකට මුහුණ දුන් අය කියලයි. තරුණ කාලේ කරන්න පුළුවන් ඔක්කෝම ජෝගි නටලා දැන් පත්තිනි අම්මලා වෙන්න දඟලන අය ගැන මට නම් හිතාගන්න පුළුවන්... මේ මොංගල් වැඩිහිටියන්ව පුනරුත්ථාපනය කළ යුතුයි.
J.A.P.P.KavindiMonday, 25 September 2023 05:26 PM
මේකනම් ඇත්තක්. දවසක් මම බස් එකේ යද්දි කෙල්ල කොල්ලගේ උරහිසට ඔලුව තියන් ඉදියේ. කිසිම වැරැද්දක් නම් කලේ නෑ .හැබැයි ඒක දැකපු වයසක ගෑනු කෙනෙක් එයාගේ ලමයි දෙන්නවත් තියාගෙනම අර ඉදපු කපල් එකට මහා කැත විදියට බැන්නේ. බස් එකේ ඉන්න ඔක්කොටම ඇහෙන්න. ඒ ලමයි දෙන්නට රූම් එහෙකට යන්න කියලා කෑගැහුවේ .ඒ ලමයි දෙන්නගේ අතින් නම් වැරද්දක් සිද්ද උනේ නෑ කතා බහා කර කර ඉදියා විතරයි...ඔයාගේ කතාව හරියටම හරි ගොඩක් පත්තිනි ටෝක් දෙන්න්නෙ නටන්න පුළුවන් හැම නාඩගමක්ම නටපු අය
එරන්ද Monday, 25 September 2023 05:45 PM
මේක සාධාරනීකරනය කොරන මේ කමෙන්ට්ස් දාන විද්වතුන්ගේ දියණියන්ද මෙවැනි ජෝඩු රූම් වලින් හමු නොවේවා....
එරන්ද සමරකෝන් Monday, 25 September 2023 05:48 PM
මේව සාධාරනීකරනය කරන උන්ගෙ දුවෙක් මේ වගෙ තැනක සිප් එක ඇරන් ඉන්න එකෙක් එක්ක අහුවුනොත් මේ බයිල කියාවිද
ෂාන් Tuesday, 26 September 2023 08:33 AM
දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න. රටේ නීතිය වයස 16 නම් ඒ වයසේදී ලිංගික නිදහස දෙන්න. මිනිසාට ලිංගික අවශ්‍යතාවය, කෑමබීම, ඇඳුම් පැළඳුම් වගේම අවශ්‍යතාවයක්. එතකොට ලිංගික අසහනයෙන් පෙලෙන අය අඩු වේවි...!
Weerasiri Tuesday, 26 September 2023 01:43 PM
හරිහැටි දරුවන්ට අධ්‍යාපනය දෙනවා නම්, ලිංගිකත්වය තේරුම් ගන්නේ නම් සහ වැඩිහිටි ආදරය නිසි ලෙස ලැබුනා නම් දරුවන්ව ඔහොම තැන්වලට අරන් යන්න බැහැ . තරුණ ළමුන් ආදරය කල යුතුයි. එකට තහංචි දමන්න ගියොත් වෙනත් ප්‍රශ්න එවි. ප්‍රසිද්ධ තැන්වල හමුවන්න නීති දැම්මොත් ළමයි ඉබේම කාමරවල නවතීවි.
CHANDANA Tuesday, 26 September 2023 05:25 PM
ලන්සා ගේ තාත්තාගේ ජොබ් එක මොකක්ද ?
Adult Tuesday, 26 September 2023 07:15 PM
අවුරුදු 18ට වැඩි අය රූම් යන එකේ කිසි වරදක් නැහැ.