(තිලකරත්න දිසානායක)
එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාවේ ගින්න නිසා සෘජුව සහ වක්‍රව ජීවනෝපාය අහිමිවූ ධීවර පවුල් 9883කට රුපියල් 5000 දීමනාව ලබා දිමට කටයුතු කර ඇතැයි බව ගම්පහ දිසා ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.
ඒ යටතේ මීගමුව,වත්තල,කටාන සහ ජාඇළ ප්‍රදේශවල පිරිසකට මෙම වන්දි මුදල් හිමිවේ.
සෘජුව ජීවනෝපාය අහිමි වූ මීගමුව ප්‍රදේශයේ ධීවර පවුල් 6042ක් වත්තල ධීවර පවුල් 1409ක්,කටානෙ ධීවර පවුල් 233ක් සහ ජාඇළ ධීවර පවුල් 69 මෙම වන්දි මුදල් හිමිවන බව ද දිසාපතිවරයා කියයි.
මෙම ගින්න නිසා වක්‍රව සිය ජිවනෝපාය අහිමි වූ මීගමුවේ 1991,වත්තල 116 ක් කටානේ 14ක සහ ජාඇළ 09 දෙනකුට ද 5000 වන්දි මුදල් හිමි වන බව ගම්පහ දිසාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මේ සඳහා වෙන් කළ මුදල රුපියල් 49,415,000 සකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට ජීවත්වීමට 5000ක් ඇද්ද?
රජයට වන්දි ගෙවීමට මුදල් නොමැතිවීම නිසා ඇමෙරිකානු රජය අසරණ වූ ධීවරයන් ට වන්දි ගෙවීමට ඩොලර් ලක්ෂයක මෙම මුදල ලබාදී ඇත. සමහර විට මෙම මුදල ඇමෙරිකාව විසින් ලංකාවට ලබාදීමට තිබූ නමුත් රජයේ මුරණ්ඩු ප්‍රතිපත්තීන්, හැසිරීම සහ අනවබෝධය නිසා ඇමෙරිකාව විසින්ම නැවැත්වීමට තීරණය කරනලද MCC අරමුදලෙන් කොටසක් වන්නට හැකියාව තිබේ.
මෙයාලා හිතන් ඉන්නේ ධිවරයින් හිඟන්නන් කියලාද?.
රුපියල් 5000 දවස් කීයකටද? අනේ අර හොරු රැල බඩගින්නේ, ඔවුන්ට ගිලින්න ප්‍රාඩෝ සැපවාහන ගෙනත් දෙන්න. නැත්නම් හොර හැත්ත පපුව පැලිලා මැරෙයි... ජනතාවට සේවය කරන්න ලැබෙන්නේ නැහැ කියලා..
මාස දෙකක් කන්න පුලුවන්. 5,000ක් නේ...