(යොහාන් භාසුර)
මාතර, වැලිගම ප‍්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වූ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයාට සම්බන්ධ සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන නොමැති බවට හෙළිවූ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
එම සිද්ධියට අදාල ක‍්‍රීඩකයා සම්බන්ධ නොවූ බවත් එය සිය මිතුරකු මුහුණ දුන් සිද්ධියක් බවත් ඔහුගේ ප‍්‍රකාශයේ ස`දහන්ව ඇති බව එම නිලධාරියා කියයි.
අදාල ක‍්‍රීඩකයා ඔහුගේම ප‍්‍රකාශයට අස්සන් තැබීම ප‍්‍රතික්ෂේප කළ බවත් බලකිරීමෙන් පසුව අස්සන ලබාගැනීමට හැකි වූ බවත් එම නිලධාරියා කීය.
චෝදනා ලාභී ක‍්‍රීඩකයා අද (20) පස්වරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී ප‍්‍රකාශයක් ලබා දුන්නේය.
COMMENTS
එයා එච්චර ප්‍රබල වුණේ කොහොමද? නම ප්‍රසිද්ධ කරන්න. බොරුවක් නොවෙයි නේ. අපහාසයකුත් නොවෙයි.
මේ හාදයාගේ ( අනංග වැඩවලට ) එතනදීම බෙදුවානම් අන්න සී.සී.ටී.වී. දර්ශනවල තියෙන්නේ තිබුනා. මොවුන් හිතාගෙන ඉන්න ක්‍රිකට් ගහපු පලියට රටේ කෙල්ලෝ මොවුන් පස්සේ එනවා කියලා. මේවගේ අනංග වැඩ කරපු එවුන්ගේ නම් පරිසම් කරන්නේ මොකටද? තවත් කුපිඩ් වැඩ වලට සහයෝගය දෙන්නද?
ජීවත් වෙන්න සුදුසුම රට මෙය නොවේද?
බල කරලා ප්‍රකාශ අරන් වැඩක් තියනවාද? මේ නඩුවත් ඉවරයි වගේ....
අපරාදේ ඔය වගේ දේවල් සීසීටිවී වලට අහුවෙන්නේ නෑ කියලා දන්නේම නැද්ද? අනේ
වින්දිතයන්ගේ සාක්ෂි නැද්ද ? ක්‍රිඩකයා කියාවිද තමන්ගේ වැරැද්ද ? සී සී ටී වී මැකුනේ මොකද?
ඔයානම් ඡන්දේ ඉල්ලන්නත් සුදුසුයි අම්මපා..
"ක‍්‍රීඩකයාට සම්බන්ධ සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන නොමැති බවට හෙළිවූ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය." මෙම වාක්‍ය හා "එම සිද්ධියට අදාළ ක‍්‍රීඩකයා සම්බන්ධ නොවූ බවත් එය සිය මිතුරකු මුහුණ දුන් සිද්ධියක් බවත් ඔහුගේ ප‍්‍රකාශයේ සඳහන්ව ඇති බව එම නිලධාරියා කියයි". වාක්‍ය මගින් මහජනතාවට මොහු පිළිබඳව පැහැදිලි අදහසක් ගොඩනැගෙන බව කිව යුතුය. ඇත්තෙන්ම මොහු සම්බන්ධ නොමැති නම් මොහුට ද අභීයෝග කිරීමට තිබුණා නොවේද අදාළ සිසිටිවී කැමරා පරික්ෂා කරන්න කියා... එබැවින් කෙසෙල් කැන ඉස්සර වුවා නොවේද ? පැරණි කියමනක් තිබෙනවා මොනතරම් "දක්ෂයෙක්" වුවත් ,මොනතරම් "උගතෙක්" වුවත් විනයක් හික්මීමක් නොමැති නම් "එකා" උතුරා යන අසුචි වලකට සමාන බව..
සාමාන්‍ය කෙනෙකුගේ නම් හරි වැරැද්ද හොයන්න කලින් මුළු ජාතකේම එළියට දාලා මේ වෙනකොට
ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට ලංකාවේදී වැරදිවල දඬුවම් නැති බව යළිත් වරක් තහවුරු වෙනවා.
පහුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩකයෝ සහ ක්‍රිකට් පාලක මණ්ඩලය කරපු දේවල් දැක්කාම මොවුන් පගාව අරන් පරදින බවට විශාල සැකයක් ඇතිවෙනවා. දැනට අවුරුදු කිහිපයකට පෙර ලෝකයේ පළමු තුන්දෙනා අතර සිටි අපට අද බංගලාදේශ සමඟ ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව නිම කරන එක අද මහමෙරක් වෙලා.