(තිළිණි ද සිල්වා)

පසුගිය දින 14 තුළ ඇන්ගෝලාව, බොට්ස්වානා, ලෙසෝතෝ, මොසැම්බික්, නැමීබියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් 8 ක සිට පැමිණෙන සියලුම ගුවන් සේවා වලට අයත් ගුවන් යානා වලට ලබන ජූලි 1 වනදා සිට ශ්‍රී ලංකාව බලා පැමිණීම වීමට අවසර නොලැබෙන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී.

කෝවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබෙන උපදෙස් අනුව ඉහත තහනම ජූලි 31 දක්වා අදාළ වන බව ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා කියා සිටි.