(තිළිණි ද සිල්වා)
රටවල් 14 ක් සඳහා නම් කළ නව ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ නාමයෝජනා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමත කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව එම කමිටුව විසින් අනුමත කරනු ලැබ ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නම් කරන ලද වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් 14 දෙනකුගේ පත්වීම්ය.
ශ්‍රී ලංකා විදේශ සේවයේ පළමුවැනි ශ්‍රේණියට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 14 දෙනා මෙසේය.
1. නිව්යෝක් නුවර එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ‐ කේ.ඞී. සෙනෙවිරත්න මහත්මිය
2. ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ‐රොඩ්නි එම්. පෙරේරා මහතා
3. බෙල්ජියමේ හා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනි ‐ගේ‍්‍රස් ආසිර්වාදම් මහත්මිය
4. නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති සහ රසායනික අවි තහනම් කිරීම පිළිබඳ සංවිධානය සඳහා වූ නිත්‍ය නියෝජිත ‐ඒ.එස්. නාකන්දල මහතා
5. ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ‐වයි.කේ. ගුණසේකර මහත්මිය
6. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි ‐ජේ.ඒ.එස්.කේ. ජයසූරිය මහත්මිය
7. බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිනි ‐ ප්‍රදීපා සේරම් මහත්මිය
8. පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනි ‐ශෝබිනී ගුණසේකර මහත්මිය
9. ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි සහ ජාත්‍යන්තර පරමාණු ශක්ති නියෝජිතායතනය සඳහා වූ නිත්‍ය නියෝජිත ‐සරෝජා සිරිසේන මහත්මිය
10. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ‐ ඕ.එල්. අමීර්අජ්වාඞ් මහතා
11. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ‐එම්.ජේ.පී. ජයසිංහ මහතා
12. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති ‐ වරුණ විල්පාත මහතා
13. සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ‐සෂිකලා පේ‍්‍රමවර්ධන මෙනෙවිය
14. තුර්කියේ ශ්‍රී ලංකා තානාපති ‐රිස්වි හසන් මහතා,
මෙම පත්වීම් සමඟ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානී තනතුර දරන වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ප්‍රතිශතය සියයට 36.57 සිට සියයට 46 දක්වා වැඩි වී තිබෙන බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. ශ්‍රී ලංකාව විදේශයන්හි තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාල 52 ක් පවත්වාගෙන යනු ලබයි.
COMMENTS
අර ජිනීවා වල දැනට ඉන්න පෙරේතයා වගේ තමන්ගේ උපන් මව්බිම පාවාදෙන ලියකියවිලි අත්සන් කරලා බබා කතන්දර දාන එක ගැන මේ අලුත් හාදයින්ටත් කියලා දීලම යැව්වා නම් නේද හොඳ? මොකද මේ හාදයොත් "සිය පවුල්පිටින් එම රටවල සුරසැප විඳින්නේ.. " අහිංසක මිනිසුන්ගේ එකතු කරගත්ත බදුමුදල් වලින් නිසා. සමහරවිට දියවන්නා ඔයේ ගවයින්ගේ එක එක ගොට්ටෝ ඉන්නත් බැරි නැහැ... ඔය හාදයෝ ගොඩේ එතකොට ගවයින්ට ඕනෑවිදියට අපේ විදෙස් ප්‍රතිපත්තිත් වෙනස් වෙන්න පුළුවන්.... ඉහත සඳහා ජිනීවාවල ඉන්න බූරුවා ක්‍රියා කළාසේ....
පුදුමයි පරාජිත බංගලොත් දේශපාලකයන් පත්කළේ නැත්තේ...
මෙතන දාහතරෙන් නවයක්ම කාන්තාවන්ය. හොඳයි මැතිවරණවලදීත් ඔහොම කරනවා නම්...
කවුද අර සිරිසේන කෙනෙක් ඉන්නේ.
කිසිම වැඩකට නැති බුරු වැඩ පමණක් කරන තානාපතින් ආපසු ගෙන්වනවානම් අගෙයි
තානාපති සේවයේ ඉඳලා තිබෙන්නේ රාජපක්ෂ රෙජීමයට සම්බන්ද ඉගෙන නොගත් නෑදෑයන් හා හිතවතුන්ය . ඔවුන් කර තිබෙන්නේ තානාපති සේවය නොවෙයි හොරාකන සේවයයි . පෙන්නේ නැද්ද කැලිෆෝර්නියාවේ අරගත් නිල නිවසින් ගහගෙන තිබෙන සල්ලි කුට්ටිය . ඔහු අද රතු වරෙන්තු කාලා මෙහාට වෙලා හැංගිලා ඉන්න සිද්ධවෙලා . අර ගල් බමුණා සුද්ද කරන්නේ මේ හොරුන්ව නේද ..
සරත්-පෙරත්,මමත් ඔබේ අදහසට එකඟ වෙමි............ මේ නවදෙනා පිටරටවලට ගිහින් මොකක් කරාවිද? මොන භාෂාවෙන් කතා කොරිඩ දන්නෙත් නැහැ.මම උදාහරණයකට කියන්නම්,ගිය සතියේ මම බෙර්ලින්වල තියෙන ශ්‍රීලංකා එම්බස්ස්යට දුරකතනයෙන් අමතලා, අවශ්‍ය දෙයක් ගෙන එහුවාම, ඒ ගැන එයාට දන්නේ නැහැ කියලා, ඉතින් මේවගේ එවුන් මෙහෙ එවිල්ල ඉන්නේ පොල් ගාන්නටද?
අවුරුදු 35 ක කාලයක් යුරෝපයේ බොහෝ රාජතාන්ත්‍රික පිරිස ගැන අත්දැකීම් නිසා මේ ගැන කතා කරන්නට මේ කොලම මදි. කෙටියෙන් කියමි. මේ අගය කල යුතු තරමක ප්‍රවණතාවයක්.