IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


දේශීය පාවහන් කර්මාන්තයේ ලක්ෂ පහකගේ රැකියා අවදානමේ

(සුජිත් හේවාජුලිගේ )


පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම නිසා නිෂ්පාදනය ඇනහිටීමෙන්  ක්ෂේත්‍රයේ ලක්ෂ  පහක පමණ පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

රටේ පාවහන් නිෂ්පාදනනයෙන් සියයට 95ක් පමණ අමුද්‍රව්‍ය ආනයනය කර  මෙරටදීම නිපදවීමට හැකියාව තිබියදී එයට අවස්ථාව මගහැර එම අවස්ථාව අහිමි කර ඇත්තේ   විදෙස් රටවලින් ගජ මිතුරන්ට බාල නිමි භාණ්ඩ ගැන්වීම සඳහා අවස්ථාව ලබා දීමට දැයි  සැකයක් මතුවන බව  එම සංගමයේ උප සභාපති ප්‍රියංක නෙවිල් මහතා කොළඹදී අද (28)පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

අයවැය සකස් කිරීමට පෙර තම සංගමයද අදහස් හා යෝජනා බලධාරීන් ඒවා මග හැර ඇතැයිද  හෙතෙම පෙන්වා දුන්නේය.

ඇතැම් නිලධාරීන්  රජය  අපහසුතාවයට පත්කරවමින් දේශීය පාවහන් නිෂ්පාදකයාද  වළපල්ලට දමමින් තීන්දු තීරණ ගන්නා බව පෙනී යන හෙයින් වහාම වගකිවයුතු බලධාරීන් මැදිහත්වී දේශීය පාවහන් නිෂ්පාදකයන්ට අවශ්‍ය සහන ලබාදෙන ලෙස ප්‍රියංක නෙවිල් මහතා ඉල්ලීමක් කරයි

අත්‍යවශ්‍ය නොවන ඇපල්,චීස් වැනි ආහාර සඳහා වැය කරන ඩොලර් රටේ පාවහන් සහ සම් භාණ්ඩ ඇතුළු මෙරට නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීමට යොදවන්නේ  නම් රටේ නිෂ්පාදනය වැඩිකර අමතර නිෂ්පාදන අපනයනය කර ඩොලර් උපයා ගැනීමේ හැකියාව ලැබෙන බව පැවසූ  උපසභාපතිවරයා නිෂ්පාදන කටයුතු ඇණ හිටීම නිසා  බැංකු ණය පවා ගෙවා ගැනීමට නොහැකි  තත්වයක් අද මතුව ඇතැයිද  ප්‍රකාශ කළේය.

වරායට ගෙන්වා ඇති අමුද්‍රව්‍ය කන්ටේනර් පවා ඩොලර් හිඟය නිසා නිදහස් කරගැනීමට ඇතැම් නිෂ්පාදකයන්ට නොහැකිවී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

රටේ පාවහන් නිෂ්පාදනයෙන්  සියයට 75ක් පමණ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ පාවහන් හා සම් භාණ්ඩ නිෂ්පාදකයින් සපුරන බවත් ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය  ගෙන්වා ගැනීමට ඉඩප්‍රස්ථාව සලසන්නේනම් රටේ අවශ්‍යතාවයට සරිලන නිෂ්පාදනයක් සිදු කළ හැකි බවත් ඔහු කීය.

මෙම ක්ෂේත්‍රයෙන්   ජාතික ආදායමට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක්  ලැබුණු බව පැවසූ ප්‍රියංක නෙවිල් මහතා  චීනයෙන් හා ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සලසන්නේනම් අපනයන තවත් පුළුල් කළ හැකි බවද  සඳහන් කළේය. 

 



අදහස් (2)

දේශීය පාවහන් කර්මාන්තයේ ලක්ෂ පහකගේ රැකියා අවදානමේ

Perera Sunday, 28 November 2021 11:08 PM

සපත්තු ඇමැතිතුමා මේ ගැන බැලිය යුතුයි.

:       0       1

නිමල් Monday, 29 November 2021 04:29 AM

ආණ්ඩුවක් කළ යුත්තේ මෙවැනි රැකියා නියුක්තිය පවත්වා ගැනීම සඳහා පහසුකම් සැපයීම නොවේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1867 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1505 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site