(මහේෂ් කීර්තිරත්න)
මාතලේ වැඩබලන නගරාධිපති එක්සත් ජනතා නිදහස් සන්ධාන සන්දනම් ප්‍රකාශ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) පැවැත්වුණු මාතලේ මහ නගර සභා විශේෂ මහ සභා රැස්වීම උණුසුම් තත්වයක් ඇති විය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී මොහමඩ් නිලාෆ්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ඒ.එන් ඉන්ද්‍රරත්න, රන්දික විරසිංහ, සරත් ජාතුංග යන මහත්වරුන් විසින් පහත කරුණු 06ක් සාකච්ඡා කළ යුතු බව පවසමින් රැස්වීම පවත්වන ලෙස කළ ඉල්ලීම අනුව මෙම විශේෂ සභා රැස්වීම කැඳවා තිබිණි.
ඒ අනුව මාතලේ මහ නගර සභාවේ ප්‍රධාන විධායක නිලධාරිය වන නාගරික කොමසාරිස්වරයාට රියදුරුන් විසින් බැන තර්ජනය කිරීම, නගර සභා තුළ විෂමාචාර ලෙස හැසිරීම පිළිබඳව සාකච්ඡා කිරීම, නගර සභාවට අයත් ළමා උද්‍යානයේ පිහිටා ඇති කිරිහල සභා සම්මුතියෙන් තොරව ලබා දීම තුළින් සභාවට මුදල් මුදල අගතියක් සිදු කිරීම, ගොංගාවල ආයුර්වේදය අසළ කඩකාමර සභා තීන්දුවට පටහැනිව ලබා දීම, සෞඛ්‍ය කම්කරුවකු සහ කර්මාන්ත කම්කරුවෙකු ආවරණ පත්වීම් ලබාදීම තුළින් සභාව දැඩි අපකීර්තියකට පත් කිරීම සඳහා අදාළ අය නිත්‍ය තනතුරුවල පිහිටුවීම, සුපිරි වෙළඳ සංකීර්ණයෙහි අංක 33 කඩකාමරය නිත්‍යනුකූල භාවය පිළිබඳව සාකච්ඡා කිරීම සහ නීත්‍යනුකූලව මාතලේ මහ රෝහල ඉදිරිපිට තිබු කඩකාමර ඉවත් කර නැවත කඩකාමර ලබා දිම යන කරුණු සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා තිබිණි.
ඒ අනුව වැඩබලන නගරාධිති සන්දනම් ප්‍රකාශ් මහතා විසින් සභා ගර්භයට පැමිණියේ සෙංකෝලය නොමැතිව නගරාධිපති නිල කබායද නොපැළඳගෙනය.
සභාව ආරම්භයේම අදහස් දැක්වූ මන්ත්‍රී(එ.ජා.ප) අනාස් රියාල් මහතා කියා සිටියේ මෙම කැඳවීම නීත්‍යානුකූල නොවන බැවින් සභාව කල්තබන ලෙස යෝජනා කළේය. මන්ත්‍රී(එ.ජා.ප) එම්.සෆරුල්ලා මහතා විසින් ස්ථිර කළ අතර නමුත් නියෝජ්‍ය නගරාධිපති සන්දස් ප්‍රකාශ් මහතා විසින් මෙය නීත්‍යනුකූල බව පවසමින් අද දින න්‍යාය පත්‍රයට අදාළ කරුණු සාකච්ඡා කරන බවය.
එහිදි නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා කියා සිටියේ අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා අවස්ථා කිහිපයකදිම නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඒ සදහා අවස්ථාව හිමි නොවූ බවත්ය. එම නිසා නගර සභා ආඥා පනත අනුව මෙම සභාව කැඳවු බවය.
නමුත් සභාව පවත්වාගෙන යන අවස්ථාවේදි මන්ත්‍රි(එ.ජා.ප) ආනස් රියාල් මහතා සහ නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවු අතර මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම අදහස් දැක්වූ හෙයින් සභාවේ දැඩි ඝෝෂාකාරී තත්වයක් ඇති විය.
සභාව පවත්වාගෙන යන අතරතුරු අවස්ථා ගණනාවකදිම වරින් වර නැගිටි සිටිමින් මන්ත්‍රී (ශ්‍රි ලං.පො.පෙ) ඒ.එන් ඉන්ද්‍රරත්න මහතා,මන්ත්‍රී(එ.ජා.ප) ආර්.එම් සෆරුල්ලා මහතා, මන්ත්‍රී.(ජ.වි.පෙ) මොහමඩ් නිලාෆ් මහතා අදහස් දැක්වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මාතලේ මහ නගර සබේ රැස්වීම උණුසුම් වෙයි