(නිමල් ජයරත්න)
මාදුරුඔය ඉසෙඩ්.ඩී ප‍්‍රධාන ඇළට අද(21) අලූයම අරලගංවිල වීරාන ප‍්‍රදේශයේදි වැටි සිටි වන අලියෙකු මැදගම ප‍්‍රදේශයෙන් ගොඩට ගෙන අලූත්වැව රක්ෂිතයට පලවා හැරිමට කටයුතු කළ බව වෙහෙරගල වනජිවි නිලධාරින් පවසති.
ඒ අනුව සතියක් ඇතුළත ඉසඩ්.ඞී. ඇළට වැටි ගොඩගත් තුන්වන අලියා මෙය බව වෙහෙරගල වන සත්ව අඩවි ආරක්ෂක යූ.ඞී.ජේ.පි.එම්.ආරියසිංහ මහතා පැවසීය.
ඇළට වැටුණු මෙම අලියා කිලෝ මිටර් හයක් පමණ දුරට සැඩ පහරට හසුව ගසාගෙන ගිය අතර අනතුරුව වෙහෙරගල වනජිවි නිලධාරින් සහ ප‍්‍රදේශවාසින් එක්ව මහත් පරිශ‍්‍රමයක් යොදා ගොඩට ගැනිමට හැකි වු බවද ආරියසිංහ මහතා සදහන් කලේය.
මේ දිනවල පවතින දැඩි නියගයත් සමග මාදුරුඳඔය රක්ෂිතයේ සිටින වන අලි ආහාර හා ජලය සොයා ගම්බිම් වදින අතර එලෙස පැමිණෙන වන අලින් ඉසඞ්.ඞී ඇලෙන් ජලය බිමට උත්සහ දැරිමත් සමග පැති කොන්ක‍්‍රිට් බැමිමෙන් අලින් ලෙස්සා ඇළට වැටිම නිරන්තරව සිදුවන බවද ඔහු සදහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින්ට ගොඩට එන්න දැලක් වැනි යමක් ඇළ හරහට යෙදුවොත්..? අලි ගමට හා කෝච්චි පාරට ඒම නතර කරන්න මනතුංග මහතාගේ ක්‍රමය යොදා නොගන්නේ මන්ද ?
"අලින් ලිස්සා ඇළට වැටිම නිරන්තරව සිදුවන බවද ඔහු සදහන් කළේය." මේකට චීනෙන් මොකක් හරි ගෙනල්ල හයි කරන්න බැරිද?
ජබුන් ගහන්න ගිහිල්ල මාට්ටු වෙලා නේද .. ඔක්කොමත්හරි ගොඩට ආපුගමන් , වෙඩි ගහ..ගහ පස්සෙන් එලවනඑක තමයි, දරාගන්න බැරි .
මේ සිද්ධාන්තය පදනම් කරගෙන අලි-මිනිස් දේශ සීමාවන් සඳහා ඇළමාර්ග, පාරවල්, ආදිය යොදාගත හැකියි. අලින්ට සිරස් බැමිවලින් ගොඩවෙන්න බැහැ.