
(චාපා මධුභාෂිණී)
පාසලට පැමිණිමේදී ප්‍රවාහන අපහසුතා ඇති තම පාසලේ දරුවන් පාසල් බස්රථයෙන් ප්‍රවාහනය කර අධ්‍යාපනයේ දෙවීමට මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රාථමිකයේ විදුහල්පති ජේ.කේ චමින්ද ප්‍රියශාන්ත කටයුතු කරයි.
බස් රථයේ රියැදුරු ලෙස විදුහල්පතිවරයා කටයුතු කරයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් දිවයිනපුරා පාසල් වසා දැමීමට කටයුතු කළ අවස්ථාවක තම පාසල වසා දැමීමට කටයුතු නොකළ විදුහල්පතිවරයා ප්‍රවාහන අපහසුතා ඇති දරුවන් විශාල පිරිසක් පාසල් බස් රථයෙන් රැගෙනවිත් පාසල් කටයුතු අවසන් වූ පසු යළි නිවෙස්වලට පාසල් බසයෙන්ම රැගෙන යාමට කටයුතු කරයි
පා පැදියෙන් උදෑසන 6.30ට පාසලට පැමිණෙන විදුහල්පතිවරයා ඉන්ධන අර්බුදය පසෙකලා පාසල පෝෂිත ප්‍රදේශය වන මැදිරිගිරිය, නවනගරය, චෛත්‍යපාර, දියසෙන්පුර, 5 ඇළ, පැරකුම්පුර, ට්‍රැක් 9, විජයරාජපුර යන ප්‍රදේශවල දරුවන් පාසල් මේ ආකාරයෙන් පාසලට රැගෙන ඒමට කටයුතු කරනු ලබයි.
විදුහල්පතිවරයා සති තුනක පමණ කාලයක් මෙම කාර්යය නොකඩවා ඉටු කරන අතර ඊට අවශ්‍ය ඉන්ධන මවුපියන්ට හැකි උපරිමයෙන් පාසලට රැගෙන ඒන බව විදුහල්පතිවරයා කියා සිටියේය.
ඉන්ධන අර්බුදය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල බූ අවස්ථාවක ප්‍රවාහන අපහසුතාවයට පිළියමක් ලෙස විදුහල්පතිවරයා සිය විදුහල ආරම්භ වීමේ වේලාව උදෑසන 8.00 යොදාගෙන ඇත. ඒ අනුව පාසල් බස් රථය විශාල ප්‍රදේශයක ගමන් වාර 3 ක් යටතේ සිදු කිරීමට කටයුතු කරයි.
තවද පාසල නිම වීම 1.30 සිදු කරන අතර 2.30 වන විට පාසලේ සියළුම දරුවන් ආරක්ෂිත ලෙස නිවෙස්වලට ඇරලවීමටද විදුහල්පතිවරයා කටයුතු කරනු ලබයි.
දරුවන් පාසලට රැගෙන ඒමට තමන්ට ඇති අපහසුතා සම්බන්ධව මවුපියන් පාසල් සංවර්ධන සමිතියේදී විදුහල්පතිවරයා දැනුම්වත් කර ඇති අතර එහිදි විදුහල්පතිවරයා මෙම තීරණයට එළඹ ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්‍රල් නැතිනම් වෙදකම් කරන්න රෝහලට එන්න බෑ කියන දොස්තරට, නර්ස්ලාට, සහ ඇටෙන්ඩන් උත්තමයින්ගේ අවධානය පිණිසයි.
සැබෑ ගුරුදෙවියෙක්...
හොඳ අදහසක්... ඒත් මේක තව සතියකට වැඩිය ඔරොත්තු දෙන්නේ නැහැනේ.. ඊට පස්සේ?
දැන් අපේ දරුවන් රැකගමු. වේලාව ආ පසුව නරින්ට සලකමු. ස්තූතියි ගුරුතුමනි...!
ආදර්ශමත් ගුරුතුමෙක්. චමින්ද සර් ඔබතුමාට තෙරුවණ් සරණයි ! දීර්ඝායු ලැබේවා!
ඔබ ගැන කියන්න වචන ගොනුකර ගන්න අමරුයි සර්. ඇස්වලට කදුලු එනවා .
සමස්ථ අධ්‍යාපන පද්ධතියටම පාඩම් රැසක් කියාදුන් වටිනා විදුහල්පතිවරයෙක්...පාසල වෙනුවෙන් ජීවිතයම කැප කළ කෙනෙක්..නව්‍ය නිර්මාණශීලී වැඩසටහන් උපද්දවන්නෙක්...කොනදේසි විරහිතව ජාතික මට්ටමින් ඇගයිය යුතු චරිතයක් ..ස්තුතියි විදුහල්පතිතුමනි ...ස්තුතියි චාපා මැතිනිය..ස්තුතියි ලංකාදීප ..
සුපිරි
රටේ ජනාධිපති වීමට ඉතාමත් ම සුදුසුය
ඔබගේ උතුම් සේවය අපි අගය කරන්නෙමු. දෙවි පිහිටයි!
ඔබ ගැන කියන්න වචන ගොනුකර ගන්න බෑ සර්.මිහිපිට ඉන්න දෙවිකෙනෙක්.
නියම මානුෂීය රාජකාරි වගකීම කියන්නේ මේකයි. අති විශිෂ්ට ආදර්ශයක් මුළු රටටම දෙන්නේ. මේක තාම ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. විදුහල්පතිතුමනි ඔබට ජාතියේ ප්‍රණාමය තෙරුවන් සරණයි
ඔබතුමාවැනි අය රටට අවශ්‍යයයි.
ගුරුතුමනි, මනුස්සකම තියෙන දොස්තර කෙනෙක් හදිසි ලෙඩෙකුට ඇම්බියුලන්ස් රියදුරු කෙනෙක් වෙලා හයර් ගියා... ලංකාවේ එහෙමයි..