IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පළාත් සභා මැතිවරණය කඩිනම් කරන්නැයි හිටපු ජනපතිගෙන් ඉල්ලීමක්

(සුජිත් හේවාජුලිගේ )

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගීවීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

බඩු මිල ඉහළ යෑම නිසා ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටින බවත් ජනතාවට මේ මොහොතේදී යම් සහනයක්  ලබා දීමට කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට  හදිසි ක්ෂණික විසඳුම් ඇතැයි තමා විශ්වාස නොකරන බවද  ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ   ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් මෙම සභාවේදී  විශේෂයෙන්  සාකච්ඡා කෙරුණු බවත් පක්ෂයේ  යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට මේ අනුව ඉදිරියේදී කටයුතු කරන බවත්  සිරිසේන මහතා ප්‍රකාශ කළේය.



අදහස් (13)

පළාත් සභා මැතිවරණය කඩිනම් කරන්නැයි හිටපු ජනපතිගෙන් ඉල්ලීමක්

චන්දන Saturday, 16 October 2021 02:17 PM

තමන් අවුරුදු 5ක් ජනාධිපති වෙලා හිටියා මතකද දන්නෑ

:       16       18

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Saturday, 16 October 2021 04:00 PM

වටේ ඉන්න නිකමො ටික පළාත් සභාවට රිංගව ගන්නද? දකුණු පළාත් සභාව කරපු කෙරුවාව ඇහුවොතින් සිරිමාවෝ මැතිණිය නැවත ලංකාවේ උපදින්නේ නැහැ. මොකද එතුමිය කරලියට ගෙනා අය තමයි ගොඩක්ම දකුණට හානි කලේ. දැන් මෛත්‍රි මහත්තයටත් ඕනෑ මොකක් හරි වැලක එල්ලෙන්න. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් පාලනය කල බොද්ධ පාසල් 38 ක් දකුණු පළාත් සභාව විසින් වසා දැමුවා. විදුහල්වල තිබුණු හොඳ හොඳ බිල්ඩින් පළාත් සභාවේ දේශපාලකයින් ගලවා ගෙන ගියා. දකුණු පළාත් සභාව තියපු මුල්ගල් කිහිපයක්ම අම්බලන්ගොඩ නගරයේ පැලවෙනවා. එ්කක් තානායමේ... තවත් එකක් පුංචි පොලේ... තවත් එකක් ධම්මකුසල විදුහලේ. මේවායින් හොඳට ගසා කෑවා. පා ගමනින්, බයිසිකලෙන් ගියපු කෂඩ දේශපාලකයින් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරගෙනයි තියෙන්නේ. පළාත් සභාවට පිං සිද්ධ වෙන්න බොහෝ විදුහල්පතිවරුත් ප්‍රකෝටිපතියන් වෙලා තියෙන්නේ. මම වස් කවියකුත් ලියලයි තියෙන්නේ... මෛත්‍රී මහත්තයෝ ඔබතුමා ළඟතමයි දැන්මේ ගොඩක් හොරු ඉන්නේ... වැඩි විස්තර අවශ්‍ය නම් මගෙන් විමසන්න. ඔබතුමා හරියට කළානම් අපි අද මෙහෙම විඳවන්නේ නැහැ. ඔබලා කිසිවෙක් රටට ආදරය ඇති අය නොවෙයි. දේශපාලන බිස්නස් කාරයින්...

:       0       17

gamunuSaturday, 16 October 2021 06:54 PM

පළාත් සභා මැතිවරණය කඩිනම් කළත් කිසිඳු දේශපාලකයකු යළිත් පළාත් සභා වෙනුවෙන් ජනතාව විසින් පත් නොකරෙනු ඇත. රටේ පුරවැසියන්ගේ කැමැත්ත මත දේශපාලකයන් නොමැතිව පළාත් සභා සහ ප්‍රදේශය සම්බන්ධ වූ ආයතනයක් පිහිටවිය යුතුවේ. පළාත් සභා දේශපාලකයන් වෙනුවෙන් වැයකරන්නා වූ කෝටි ගණනක මහජන මුදල මහජනයා වෙනුවෙන්ම වැයකළ යුතුවේ.

:       0       6

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 16 October 2021 04:13 PM

ඔව් ඔව්.. කොහොමහරි ඡන්දේ ඉක්මන් කරලා මෙයාව දිනවන්න ඕනේ. ඒ තරම් හොඳට රට ගෙනිච්චනේ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියා අධිකරණය හමුවේ ඔප්පූ වුණා. වෙන රටක නම් මෙලහකටත් ඉන්නේ ගෙදර නෙමෙයි. වෙනත් ගෙදරක.

:       0       16

Hafeel Saturday, 16 October 2021 04:47 PM

ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවයි කියන්නේ? එතකොට මෙයා අද ආණ්ඩුවේ නොවේද ඉන්නේ...? හරියට අපි ආණ්ඩු පක්ෂයේ ඉන්නවා වගේ...

:       0       11

පැරකුම් Saturday, 16 October 2021 04:55 PM

ඇයි මේ සුදු අලියාට ආයිත් පණ දෙන්න ඇති රුදාව…? මහජනයාගෙන් විමසන්න කවුරුත් කැමති නෑ. ඕක නැතුව දැන් මෙච්චර කල් රට දිව්වේ නැද්ද? අපරාදෙ අපේ බදු සල්ලි වෙන ප්‍රයෝජනවන් වැඩකට යොදාගන්න...

:       0       8

Atul Rathnayake Saturday, 16 October 2021 05:15 PM

ඇයි? හිටපු පළාත් සභා කට්ටිය හම්බ කරපුවා ඉවර වෙලාද? දැන් අවුරුදු 3කට වැඩිය කාලයක් පළාත් සභා නැතුව රට දිව්වනේ. ඉතිං මොකටද ඔය අපේ බදුසල්ලි කන සුදු අලි... තව අවුරුදු 2ක් ඔහොම යං.

:       0       6

ravin Saturday, 16 October 2021 06:46 PM

මොකෝ ආපහු රට කන්නද හදන්නේ? අවුරුදු 5ට කෙළවපු ටික හොඳටම ඇති...

:       1       8

Rohana Saturday, 16 October 2021 09:11 PM

වැඩකට නැති පළාත් සභා රටේ මුදල් ටික නාස්ති කරන නිසා පලාත් සභා අහෝසි කරල දැම්මොත් නරකද?

:       0       5

kusume Sunday, 17 October 2021 03:05 AM

මෙයා දැන් බහුභූත කියවනවා. ඔයා කරපුවා මිනිස්සුන්ට හොඳට මතකයි.

:       0       0

Lelwala Sunday, 17 October 2021 08:00 AM

මොහු ජනාධිපති කාලයේ පලාත් සභා අහෝසි වුනේ. මෙතුමා දන්නෙ නෑ කියාවි. මේ රටේ ජාතික ආරක්ෂාව, ව්‍යවස්ථාව හෑල්ලුවට ලක් කර, රට සම්පුර්නයෙන් අවුල් ජාලවක් කර මිනිසුන්ගෙ මුදල් වලින් සුරසැප විදිනවා. මොනව ද මේ රටට කලේ?

:       0       1

Bamunuarachchi Monday, 18 October 2021 04:07 PM

මෙපමණ කාලයක් පළාත් සභා නොතිබුණා කියලා ලාභයක් මිස පාඩුවක් වුණාද? පලා බබාලා අපිට එපා...

:       0       0

BamunuarachchiMonday, 18 October 2021 05:50 PM

මොකද පුතා ඇතුළු කර ගන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 313 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site