IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ඇමැති අජිත් පී පෙරේරාගෙන් පැමිණිල්ලක්

(නිමල කොඩිතුවක්කු)

වර්තමාන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම, ඡායාරූපයක් සහ ප‍්‍රකාශයක් යොදා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුවත්පත් දැන්වීමක් පළ කර ඇති බව පවසමින් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඡන්ද නියෝජිත  සහ ඩිජිටල් යටිතල පහසුකම්  හා තොරතුරු පර්යේෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන් සභාවට අද (14) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙයට අමතරව අදාළ දැන්වීම මගින් විශ‍්‍රාමික හමුදා නිලධාරින්ගේ නිල ඇඳුම් සහිත ඡායාරූප පළ කර ඇති බවත් ජනාධිපතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී දේශපාලන පක්ෂයක ප‍්‍රවර්ධනය සඳහා හමුදා නිල ඇඳුම් සහ ධූර දරණ යුද හමුදාපතිවරයා යොදා ගැනීම බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසත්  අමාත්‍යවරයා සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කරයි.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මෙසේ කීය.

 ‘‘ධුර දරන හමුදාපතිවරයෙකුගේ ඡායාරූප සහ ප‍්‍රකාශයකුත් නිල ඇඳුමින් යුතු විශ‍්‍රාම ගිය  හමුදා නිලධාරීන්ගේ ඡායාරූප සහ ප‍්‍රකාශ භාවිතා කරමින් ගෝඨාභය  රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු ප‍්‍රවර්ධනය කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පල කරලා තිබුණා. ධූර දරන හමුදාපතිවරයත් මේකෙන් අපහසුතාවයට පත්ව තිබෙනවා. ඒ වගේම  මැතිවරණ පිළිබඳව තියෙන නීතිරීති, ආචාර ධර්ම කඩවෙලා තියෙනවා.

මේ වරදේ ප‍්‍රමාණය කොච්චරද කියලා කිව්වොත් ලංකාවේ තීන්දු වූ මැතිවරණ  පෙත්සම්වල තිබෙන මූලධර්ම  අනුව සැළකුවාහම බොහොම පැහැදිලිව මැතිවරණයක් ජයග‍්‍රහණය කරන අපේක්ෂකයකුගේ ජයග‍්‍රහණය නිශ්ප‍්‍රභා  කිරීමට තරම්  මේ මැතිවරණ වරද ප‍්‍රබලයි. මේ පිළිබඳ අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව සහ වාචිකව අපේ පැමිණිල්ල ඉදිරිපත් කළා.

සමස්ත හමුදාව සහ හමුදා නිලධාරීන් අපහසුතාවයට  පත් කරලා එක් පක්ෂයක මැතිවරණ ප‍්‍රවර්ධනය සඳහා  මෙලෙස කටයුතු කිරීම අපි  පිළිකුලෙන් හෙළා දකිනවා. අපිට හිතා ගන්න බැහැ. මේ තරම් වගකීම් විරහිත විදියට කටයුතු කරන්නේ ඇයි කියලා.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති වන රජයක් තුළ ෆීල්ඞ් මාෂල්  සරත් ෆොන්සේකා මහතාට මේ රටේ ආරක්ෂාව භාරදෙනවා කියන මැතිවරණ ප‍්‍රතිඥාව දුන්නට පස්සේ ඒකෙන් කලබලයට හා  කම්පනයට පත්වූ ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්  කණ්ඩායම හදිස්සියේ කරපු නීතී විරෝධි කටයුත්තක් විදියට අපි මේක දකිනවා’’ යැයි ද ඔහු එහිදී පැවැසීය.

ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (14)

ඇමැති අජිත් පී පෙරේරාගෙන් පැමිණිල්ලක්

Raveendra Monday, 14 October 2019 08:48 AM

පළමුව මෙයා කළ යුත්තේ මෙයාටම විරුද්ධව පැමිණිල්ලක් දාගන්න එකයි. මොකද ෆුට් නෝට් ලියලා ලොක්කාව බේරගන්න ලියපු කප්පරක් බොරු දහන් ගැට සහ මහජනතාව රවට්ටපු එක. දැන් මෙයා බබා..

:       616       1419

kumara Monday, 14 October 2019 09:08 AM

ෆීල්ඩ් මාර්ෂල් කෙනෙකුට දේශපාලනය කරන්න පුලුවන්නම් ඊට පහල කෙනෙක්ගේ ෆොටෝ එකක් එච්චර වැදගත්ද?

:       131       481

Lion Monday, 14 October 2019 09:51 AM

ෆීල්ඩ් මාර්ෂල් දැන් හමුදාවේ නැහැ. ඔයා මොනවද කතා කරන්නේ? හමුදාවේ දැනට ඉන්න නිලධාරින්ට පක්ෂ, පාට නැහැ. මේ වැඩ රටකට හොඳ නැහැ. රාජපක්ෂලාට නීතියක් නැහැ.මතකයිනේ ශිරානි බණ්ඩාරනායක එලවපු හැටි.

:       445       192

sisiraMonday, 14 October 2019 10:20 AM

හරිම කණගාටුයි ඔබතුමාගේ දැනුම ගැන ශිරාණි බණ්ඩාරනායක මහත්මියව දුරයෙන් පහකලේ ව්‍යවස්ථාවට අනුකුලව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙනත් තුනෙන් දෙකක පාර්ලිමේන්තු ඡන්දයකින් නමුත් ඉන්පසු පත්කළ අග්‍ර විනිස්චකාරතුමන්ව යහපාලන රජය අයින්කලේ නිකන්ම කිසිම නිත්‍යානුකුල ක්‍රමයක් අනුගමනය නොකර නොදන්නා දේවල් කතාකරන්න එපා යහපාලන අයයි නිත්‍ය අතට අරගෙන ක්‍රියා කරන්නේ එකට හොඳම නිදර්ෂණය තමා හිටපු සොලිසිටර් ජෙනරාල් වරු දෙදෙනෙක්ම දැන් කියනවා මහගේදරයි රටේ නිතිය ක්‍රියාත්මක කරන තැන වෙලා තියන්නේ කියලා

:       153       327

kumaraMonday, 14 October 2019 10:25 AM

ෆීල්ඩ් මාර්ෂල් කියන නිලය අදට වලංගු නැද්ද? ඒක හමුදාවේ නිලයක් නෙමෙයිද? පොඩ්ඩක් විස්තර කරන්න බැරිද?

:       0       20

Chandi Monday, 14 October 2019 09:12 AM

එජාපයේ එවුන් කුපිත වෙලා ඉන්නේ... 16 වැනිදා නියත වශයෙන්ම පරදින බව දන්නා නිසා...!!!

:       470       559

රජින්ද Monday, 14 October 2019 09:14 AM

'ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු පර්යේෂණ අමාත්‍ය' මොනවද දන්නේ නැහැ මෙච්චර කාලයක් ඔය අමාත්‍යාංශයට වෙලා කරපු වැඩ? අපිට මතකයිනේ අනුන්ට හොරා කියපු මොහු තමන්ගේ හොරු රකින්න ෆුට් නෝට් ගහපු හැටි. එතකොට මොහුගේ අනුදැනුම මත වෙනින් ආයතනයක ලියාපදිංචි ක්‍ෂණික දුරකථන අංකයක් හොරෙන්ම අරන් සජිත්ට දීලා, එහෙව් මිනිහා යනවා මැතිවරණ කඩවීම් ගැන පැමිණිලි කරන්න. රෙද්දක් ඇඳගෙන ඔහොම ගිය එකම පුදුමයි.

:       404       503

Thilina Monday, 14 October 2019 09:24 AM

එතකොට ෆීල්ඩ් මාර්ෂල් තනතුර තියාගෙන දේශපාලනය කළාට අවුලක් නැද්ද...?

:       69       200

නිෂ් Monday, 14 October 2019 09:48 AM

අවුලක් නෑ. ඒකට නීතිමය ප්‍රතිපාදන තියනවා. දන්නේ නැත්නම් හොයලා දැනගන්න.

:       142       26

RAJ Monday, 14 October 2019 09:49 AM

මෙයාලා හදන්නෙ කොහොම හරි ගෝඨව එලියට ඇදල දාන්න. පුදුම බයක්නේ තියෙන්නෙ. මොනවා කළත් මෙදා පාර පරදින එක නවත්වන්න කාටවත් බෑ.

:       623       733

siri Monday, 14 October 2019 10:07 AM

හොඳට බලන්න දිනය කවද්ද කියලා...?

:       0       2

sisira Monday, 14 October 2019 11:17 AM

තනතුර ගැන ප්‍රශ්නයක් තියෙන හැඩයි................

:       0       0

indunil Monday, 14 October 2019 12:52 PM

"මැතිවරණයක් ජයග‍්‍රහණය කරන අපේක්ෂකයෙකුගේ ජයග‍්‍රහණය නිශ්ප‍්‍රභා කිරීමට තරම් මේ මැතිවරණ වරද ප‍්‍රබලයි" - පුදුම බංකොලොත් ඩයල් එකක් අප්පා...!

:       0       0

Bamunuarachchi Monday, 14 October 2019 01:28 PM

මෙයාට නඩු ෆයිල් උස්සන් යනවාට වඩා වෙන රාජකාරියක් නැහැ වගේ... මෙහෙමත් දේශපාලුවෝ...!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බෙල් 212 අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙයි
2025 මැයි මස 09 1010 0

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩ සටහනක්
2025 මැයි මස 09 134 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 123 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


දණිස් අමාරුකාරයන්ට සුබ ආරංචියක්
2025 මැයි මස 09 1186 0

සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත


සිතුල්පව්ව-තිස්සමහාරාම පොසොන් පින්කමට රජයෙන් අත
2025 මැයි මස 09 264 0

සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍


වෙසක් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවා
2025 මැයි මස 09 216 0

වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1249 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 318 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site