(බිඟුන් මේනක ගමගේ)
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කළ බවට මාධ්‍ය වාර්තා පළ වී ඇති බැවින් එවැනි සාකච්ඡාවක් සිදුවීද යන්න ගැන කරුණු පැහැදිලි කිරීමක් කරන්නැයි ඉල්ලමින් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුජීව සේනසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියක් අද(29) යොමු කර ඇත.
එවැනි සාකච්ඡාවක් කර තිබේ නම් ඊට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තු කණ්ඩායමේ අනුමැතිය ලැබී තිබේ දැයි සුජීව සේනසිංහ ඇමැතිවරයා තම ලිපිය මගින් විමසා තිබේ.
යම් හෙයකින් එවැනි සාකච්ඡාවක් කර ඇත්නම් ඊට සහභාගී වූ පිරිසට පක්ෂයේ විනය රෙගුලාසි අනුව ක්‍රියාමාර්ගයක් ගන්නේදැයි පැහැදිලි කරන මෙන් ද අමාත්‍ය සේනසිංහ මහතා එ.ජා.ප මහලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.
දශක දෙකකට පසුව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ජනාධිපතිවරණය ජයගැනීමේ පැහැදිලි මාර්ගයක් විවෘත වී තිබෙන මොහොතක මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළේ නම් එය පක්ෂයටත් පාක්ෂිකයාටත් කරන බරපතලම ද්‍රෝහීකමක් බව කනගාටුවෙන් ප්‍රකාශ කරන බව ද ඇමැතිවරයා එහි සඳහන් කර ඇත.
තමාගේ විමසීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාගේ පිළිතුරු අවම වශයෙන් සතියක් ඇතුළත ලබා දෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඇමැති සේනසිංහ මහතා යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
පැහැදිලි මාවතක් ? මොන අප්‍රභංශයක්ද ඒ ? මේ පාර ගලේ කොටලා තියාගන්න. ඔයාලා මොන වෙස් මූණු දාගෙන ආවත් පරාදයි .මොකෝ පහුගිය අවුරුදු 4 හිටියේ වෙන කට්ටියක්ද ?
අපි මේකට ඇත්ත නැත්ත පොතක් ලියමු .
විධායක ජනාධිපතිකම තියාගෙන වැජබෙන්න හදන්න එපා. අපි එම ක්‍රමයට විරුද්ධයි .
අහෝසිකරන බලතල වලින් කොටසක් සුලු ජාතීන්ටත් යන නිසා ජනාධිපති බලතල අහෝසිකරනවාට අපි නම් විරුද්ධයි. ජනාධිපති බලතල අහෝසි වුවායින් පසු ජනාධිපති බලතල වලින් කරපු දේවල් කරන්න පාර්ලිමේන්තුවේ අවසරය ඕනේ වෙනවා. එවිට සුළු ජාතියට විරුද්ධ වීමට අවස්තාව ලැබෙනවා. ජනාධිපති බලතල අහෝසිවී තිබුනානම් මහා බැංකු කොල්ලය සමබන්දව කොමිසමක් පත් වන්නේ නැත. ජනාධිපතිට බලතල තිබුනා කියා සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් නැත.
ඔබගේ මතය සියලු දෙනාගේ මතය නොවේ ...
දශක දෙකකට පසුව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ජනාධිපතිවරණය ජයගැනීමේ පැහැදිලි මාර්ගයක් විවෘත වී තිබෙන මොහොතක් .
පිරිසක් මතයක් ප්‍රකාශ කරමින් එය ක්‍රියාවට නගන්න යත්න දැරීම ප්‍රජාතන්ත්‍රවාදය යැයි හිතන හීන මන්දබුද්ධික මතධාරීන් සියල්ල අවුල් කරත්දී උසාවි පොලිසි හමුදා රජයේ ආයතන යනාදී රාජ්‍යයන්ත්‍රණය ස්වාධිනවී රටෙහි සිදුවෙන ඕනෑම වරදක් අරබයා ඔප්පුකලහැකි හේතු සාධක සහිතව නඩු පවරා බලපෑමකින් තොරවූ අධිකරණ තීන්දුවක් තුලින් නිවැරදි ක්‍රියා ජාලයක් මතුකර සාමකාමිව රට සංවර්ධනය කිරීමට ජනතාව විසින් තෝරා යවන විවිද මතධාරී දේශපාලන පක්ෂ වල මත ගැටුමකින් අදාල නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව බලගන්වා පාර්ලිමේන්තුවේ පැවත්මට අදාල තනතුරක් බවට විධායකය පත්කිරීම නියම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක ප්‍රධානම අංගය විය යුතු යැයි දකින ප්‍රයෝගික වූ බුද්ධිමත් මතධාරීන් ඒකාධිපති බලතල සහිත විධායක ජනපති තනතුර අහෝසිකර ඒ සදහා පවත්වන ජනපතිවරණයට වැයවන කොටි ගණනාවක මහජන මුදල් රටට ඉතිරිකිරීම කොයිතරම් අගනේද? නියම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සාමුහිකව ක්‍රියාත්මක වන වැඩ පිළිවෙලක් හැර තනි පුද්ගලයෙකු කිසිසේත් වැදගත් නොවන්නේමය. එවිට මුළු සමාජයම එකතුවී ක්‍රියාකරන දියුණුවේ යුගය මිස යම් යම් පුද්ගලින්ගේ නමින් යුග ඇති නොවන්නේය. මත ගැටුමට ජනතා චන්දය ලැබේ.
පක්ෂ හා පුද්ගලයෝ වැදගත් නැත මත වාදයන් විමසිය යුතුය මම කරනවා යනු ඒකාධිපතිත්වයේ ප්‍රධාන ලක්ෂණයකි අපි කරමු යනු ප්‍රජාතන්ත්‍රවාදී සාමුහික වැඩපිලිවලක ස්වභාවයයි. නිසිකල මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ගෝරනාඩු දෙන අය ඒකාධිපතියන් බිහිකළ අවස්ථා ඇත. එසේනොවිමට ඉඩ නොතබා නිරන්තරයෙන් නිතිසම්පාදනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාදායකයක නොහොත් පාර්ලිමේන්තුවක පරම වගකීමයි. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු මැතිවරණයක ජයග්‍රහණය විනා එක්සත් ජාතික පක්ෂයේ හෝ වෙනත් පක්ෂයක අපේක්ෂකයකු ජනාධිපතිවරණය ජයගැනීමේ අවශ්‍යතාවයක් නැත.
සුජීව ඔබ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය දන්නේ නැත. තවම ඔබ ලාමක දේශපාලනඥයෙකු බව මේ ප්‍රකාශනයෙන් මොනවට ඔප්පුවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු තර්කයෙන් හා වචනයෙන් ඔබ්බට යන බුද්ධියෙන් දැකිය යුතු ක්‍රියාකරකම් ජාලයකි.
ඒකාධිපති විධායක ජනපති බලතල අහෝසි කර පාර්ලිමේන්තුවට පුර්ණ බලය පවරා පාර්ලිමේන්තුවේ පැවැත්මට අදාල ජනපති ධුරයක් ඇතිකරන්නේනම් එය යුගයේ පරම ගෞරවනීය අවශ්‍යතාවය නිසා එසේ කිරීමට එකගවිමේ ගෞරවයක් ලෙස මෛත්‍රිම ජනපති තනතුරේ චිරාත්කාලයක් වැජඹීමේ කිසිම වරදක් නැති අතර මෙතුමා ඉතිහාසගතවනු ඇත. මිනිසුන් වන අප කාගේත් වටිනාකම් මෙන්ම දුර්වලකම්ද ඇති බැවින් සාමුහික සුහද මතගැටුමක් තුලින් දුර්වලකම් නිසා වියහැකි හානි අවම කර වටිනාකම් මතුකරගනිමු. සියලු දුර්වල මතවාද අභිබවා නිවැරදි මතය රජකරවමු. ඒකාධිපති ජනපති ක්‍රමය අහෝසිකරන්නට එක්වෙන සැමට සදා ජයම හිමිවේව!!!!