(ඉන්දිකා රාමනායක)
පොලිස් අත්අඩංගුවට පත්ව සිටි දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මොහු සමඟ අත්අඩංගුවට ගෙන සිටි මහසොහොන් බළකායේ ප‍්‍රධානී අමිත් වීරසිංහ, අද (14) දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවත් නව සිංහලේ ජාතික සංවිධානයේ ප‍්‍රධානී බෑන් පි‍්‍රයසාද් මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය බාරයේ පසුවන බවද පොලිසිය පවසයි.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජාතීන් අතර අසමගිය , වෛරය ඇතිවන ආකාරයේ, සහ මහජනයා භීතියට පත්වන ආකාරයේ අසත්‍ය තොරතුරු පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් මූලස්ථානය විසින් පිහිට වු විශේෂ පොලිස් ඒකකය විසින් මොවුන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණිෙ
COMMENTS
මෙයාව මෙහෙයවන ලොක්ක ව ගන්නෙ කවද්ද.?
මෙයාව එල්ලන්න ඕනේ
පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වාගේ...
මේ පුද්ගලයා අපේ රට කාලයක සිට විනාශ කළා
නාමල් කුමාර කියන දූෂණ විරෝධී බලකායේ ගරු ඩිරෙක්ටර ජෙනරාල් උන්නැහේ නම් දූෂණ සංවර්ධනය කරන ලෝකෝත්තර දෙපිට කාටුවෙකු විය හැකි බව ඔහු ගැන මෙතෙක් පළවූ කරුණු වලින් ඒත්තු ගත හැකිය. හමුදාවෙන් පලා යාම ගැන ඔහුට එරෙහිව කෙරුණු පරීක්ෂණ දැන් නවත්වලාද?
වයඹ පළාතේ සිදු වුන දේ ගැන මෙයා පුදුම කතාවක් කරලා තියෙනවා අන්තර් ජාලයේ දැක්ක.
හොර සහතික ගැනත් සොයා බලන්න...