පාකිස්තානයට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 13 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව, දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් නොමැතිව විස්සයි20 අංක එකේ කණ්ඩායම වූ පාකිස්තානය පරාජය කිරීමට නවකයන් රැසකගෙන් සමන්විත වූ කණ්ඩායමක් සමත් වීම මේ වසර තුළදී ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් විය.
වැඩි විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.
COMMENTS
කොල්ලනේ නුඹලාට අපගේ උණුසුම් සුබපැතුම්..!!! ඉදිරියේදීත් මෙවන් ජයග්‍රහණ තමන් උපන් මව්බිමට ගෙනඒමට නුඹලාට ශක්තිය ලැබේවා..!!! අනේ මට යන්න බයයි... අනේ මට ගෙදරින් යන්න එපා කිව්වා. එ්නිසා මට යන්න බෑ... බෑ බෑ... මයි කිවූ අපගේම ක්‍රීඩකයන්ට මෙම ජය උපහාරයක් වේවා !!!
දැන්වත් තරුණ කොල්ලන් ටිකට ඉස්සරහට එන්න අවස්ථාවක් දුන්නොත් හොඳයි නේද? නැත්නම් එක තරඟයක්වත් ක්‍රීඩා නොකර සමුගනීවි.. භානුක අවු: 10 බලාගෙන ඉඳලා තියෙනවා.
කුසල් ජනිත් සහ මාලිංග මේ ටීම් එකට ඇතුල් වුණා නම් නියමයි.
සුභ පැතුම් කොල්ලනේ. මේ ටීම් එක මෙහෙමම 20/20 වලට යොදා ගන්න. කීප දෙනෙක් 50 ඕවර්ස් වලට ගන්නත් පුලුවන් හැමදාම සීනියර් කියල ටීම් එකේ ඉන්න ඒත් 10 ගහන්න බැරි සෙට් එක වෙනුවට. ඇත්තටම භානුක රාජපක්ශට අවස්තාවක් නොදීම ජාතික අපරාදයක්. මේ විදියටම ටෙස්ට් ටීම් එකත් එක් දින ටීම් එකත් සවිමත් කල යුතුයි. දක්ශතා ඇති අලුත් කොල්ලන්ට අවස්තාව දුන්නොත් අපිට කප් උස්සන එක මහ දෙයක් නෙවෙයි. ඔය සල්ලිකාර ඒත් ඇග බේරගෙන සෙල්ලම් කරන ක්‍රීඩකයින් ඉන්නතුරු අපේ ටීම් එක වලේම තමයි.
ආයෙත් පරණ කට්ටික දාලා ඊලග එක අවුල් කරනවා. බලාගෙන ඉන්න වැඩිය කෑගහන්නේ නැතුව
තේරීම් කමිටුව අගය කළ යුතුයි. හොඳ කැප්ටන් කෙනෙක්...
ඔය ජේෂ්ඨයෝ කියන අයට ඇත්තටම හැකියාවක් නැහැ ,ඒ ගොල්ලෝ මෙච්චරකල් සෙල්ලන් කලේ තමන්ගේ තැන රැක ගන්න විතරයි. ඉතින් ඒ ගොල්ලොන්ව ආයේ ටීම් එකට දැම්මොත් අයෙත් කරන්නේ ඕකම තමයි .
මාලිංග, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් කණ්ඩායමට එක්වෙන්න ඕනි
ජේෂ්ඨයෝ කියන අයට ඇත්තටම හැකියාවක් නැහැ මෙච්චරකල් සෙල්ලන් කලේ තමන්ගේ තැන රැක ගන්න විතරයි
සිංහල ජාතිය කියන්නේ කවුද කියල ලෝකෙටම පෙන්වපු නියම වීරයෝ ටිකක්. කාලෙකට පස්සේ. අපේ උණුසුම් සුභ පැතුම්. හරිම සතුටුයි. මේ කාලේ මෙච්චරයි සතුටු වෙන්න පුළුවන් දෙයකට ලැබුනේ ...
ඊයේ සජිත් ළඟ තියාගෙන තේනුවර කිව්වා " රණවිරු ගායට " ළඟදීම බෙහෙත් දෙනවා කියල
පකිස්තනෙට ගිය එකෙන් වුනේ හරිම ටීම් එක හොයාගන්න පුළුවන් වුන එක. දැන් ඉතින් බයේ ගිය නැතියට ඔහොම්මම ඉන්න කියන්න. මේ කණ්ඩායම විතරක් විස්සයි විස්සට අපිට ඕන. වෙන හපුටෝ එපා. හැබැයි කොලුවෝ ඉන්දියාවේ අයි පි ඇල් ගිහින් තියෙන දේ නැතිකරගන්නවා නෙමේ
තේරීම් කමිටුව කියන , ක්‍රීඩාව ගැන හරියට නොදත් ,ක්‍රීඩකයින් ගැන හරියට නොදත් අයට කනේ පහරක්.
මැච් එකට අලුත් ටීම් එකක් දැම්මා වගේ රට කරන්නත් අලුත් ටීම් එකකට දෙමු. මේ පරන හොරු එලවලා රට දිනවන්න ලැබුන අවස්තාවයි
හැබැයි මේ කට්ටියම ගිහින් ඊලග සංචාරය පැරදුනොත් මෙතන අදහස් දමන අයම මොනවා නොකියයිද.
රටටත් ඕකම තමයි... අලුත් ටීම් එකකට දෙන්න ඕනේ... නැත්නම් හැමදාම ඔක්කොම වලේ...
ජාතිය ඇදගැනීමේ කැත පුරුද්ද නතර කරන්න පරාද වෙනකොට ජාතියට මොකද වෙන්නේ...