(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 66 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,284 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 53 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 11 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු දෙදෙනෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 30 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 36 දෙනෙක් වෙති
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දෛනික කොවිඩ් මරණ 66ක් දක්වා අඩුවෙයි
විපරමා Tuesday, 21 September 2021 08:41 PM
මරණ ගණන කවුද හරියටම කියන්නේ? පිට පළාත්වල වාර්තා නොවන මරණත් තියෙනවා. මේ වසංගතය නිමාවෙන්ඩ සෑහෙන කාලයක් යාවී.
nalin Wednesday, 22 September 2021 06:32 AM
66 කියන්නෙත් ජීවිත 66ක් ඔය ජීවිත වල වටිනාකම තියෙන්නෙ ඔය මැරුන උදවියගෙ ගෙවල් වල අයට, කොරෝනා නිසා සිදුවෙන මරණ විතරයිනෙ ඔය. මේ දවස් වල කොරෝනා නිසා හරියට වැඩක් කරගන්න බැරිව කොච්චර මිනිස්සු අසරණ වෙලා ඇතිද? නොමැරී මැරී ජීවත් වන මිනිස්සු කොච්චර ඉන්නව ඇතිද