
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නිවාසවලට හොර රහසේ ඇතුළු වී දේපොළ සොරා ගත් බව කියමින් කතලුව දුම්රිය ස්ථානය අසලදී අත්අඩංගුවට ගත් පුද්ගලයකුට අත් විලංගු දමා යතුරු පැදියකින් අහංගම පොලිස්ථානය වෙත රැගෙන එමින් සිටියදී යතුරු පැදිය පෙරැළීමට සලස්වා පසුව මුහුදට පැන පිහිනා පලා ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
පසුව පලාගිය සැකකරු කොක්ගල පාලම අසල පිහිටි කාන්තාවකගේ නිවසට රිංගා ගෙන සිටින බවට ලැබුණු තොරතුරක් මත එම පොලිස් නිලධාරීන් දෙදෙනා එම නිවස වටලා ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ද එම නිවසෙන් ද පලා ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකකරු එම නිවසට රිංගා සැඟව සිට ඇත්තේ අත් විලංගු පිටින් ම යැයි පොලිසිය පොලිසිය පවසයි.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම පොලිසියේ පොලිසියේ සැරයන් නන්දසිරි 34148සහ පොලිස් කොස්තාපල් කොස්තාපල් ඉෂාන් 36166යන මහත්වරුන් විසිනි.
COMMENTS
මාංචු පිටින් මෙච්චර දේවල් කරන්න තරම්, අත් විලංගු හරියට නිවැරැදිව දැම්මාදැයි කියලා ප්‍රශ්නයක්...!
දෙමල ෆිල්ම් එකක් ද බන්...?
ඌනම් පට්ට වැඩ්ඩෙක්
ආයුද හොයන්න ගෙනියනවා කියලා හිතුවද දන්නෙ නෑ.
මේ පොලිස් නිලධාරීන් දෙදෙනාට" වීර විභුෂණ " සම්මානය ලැබෙයි..... එක අතකට මාංචු දෙකම දාන්න ඇති.
මෙ පොලිස් නිලදාරින් දෙදෙනගෙ රාජකාරි කිරිමෙ කාර්යක්ෂමතාව ගැන හිතාගන්න පුලුවන්. මාන්චු දමපු සැකකරුවෙක් පොලිසියට ගෙනියන්න බැරි පොලිස් නිලදාරින් ? එවගෙම පොලිසියෙ ඉන්නව තනියම ආයුද අතැතිව සිටින කොල්ල කරුවො මෙල්ල කරපු පොලිස් නිලදාරිනුත්.