(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරුට අධිකරණයෙන් නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.
කොළඹ 08 , කාසල් පාරේ පිහිටි කාන්තා මාධ්‍ය එකමුතුව මඟින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති , දොන් ශ‍්‍රාමන්ත ඇන්තනී ජයමහ , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
‘‘දෙවැනි වගඋත්තරකරු රෝයල් පාර්ක් ඝාතන නඩුවේ විත්තකරු වේ. ඔහුට නියම කර ඇති මරණ දඬුවමෙන් නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව ලබා දී ඇති බව මාධ්‍ය මඟින් දැන ගන්නට ලැබිණි.
ජනාධිපතිවරයාට මෙවැනි සමාවක් ලබා දීමට බලයක් තිබුණද අමානුෂික මිනීමැරුමක විත්තිකරුවකු වන දෙවැනි වගඋත්තරකරුට සමාව නොදිය යුතුව තිබිණි.
මෙයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවේ.එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
එසේම දෙවැනි වගඋත්තරකරුට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම් විභාගය නිමවන තුරු ජනාධිපති සමාව දීම අත්හිටුවන ලෙසද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.
COMMENTS
අධිකරණයේ ස්වාධීනත්වය අපි බලමු...
ජනපතිවරණයෙන් පසු සිරිසේන මහතා ආගිය අතක් නැත..
මැරුණේ විදේශික නයිට් ක්ලබ් යන කෙල්ලෙක්... හිරේ ගියේ ලංකාවේ කොල්ලෙක්...
මම ඉන්න ඇමෙරිකාවෙ ජනාධිපති සමාවෙන් පසු නැවත එම ක්‍රියාවට දඬුවම් කල නොහැක. එවැනි දෙයක් ලංකාවේ ව්‍යවස්ථාවේ අඩංගු වී ඇත්නම් මේ අභියචනාව ඉවත යනවා.
යන යකා කොරහත් බිදගෙනම ගියා.
මේ වැරැද්ද කරලා තිබුනේ ළමා වයසේ, දෙමව්පියන් වෙන්වී සිටින පවුලක දරුවෙක්. දැන් ඔහුගේ වයසත් සමග බලන විට ඒවාට වන්දි ගෙවලා තියෙනවා. කවුරුත් හිතන්න තමන්ගේ දරුවෙක් විදියට, දෙමව්පියන්ගේ වරදින් දරුවා නොමග ගියේ. නමුත් හිරගෙදරදී උසස් ඉහලින් උපාධිය ලබාගත්තා. අපේ රටේ තවත් ප්‍රසිද්ධ දරුවෝ ඉන්නවා දෙමව්පියන් සමග ජීවත් වෙමින් හොර දූෂිත, මිනීමැරුම්, හොර විභාග සහතික, ඇයි ඒ ළමයින්ට දඩුවම් නොදෙන්නේ? බයටද? එකම රටක දරුවෝ නීති දෙකක්, නීති තුනක් වෙනවා අන්ත දුගී පවුලක දරුවෙකුට මේ දේ වුනානම්. සදහටම හිරගෙදර ඉන්න වෙන්නේ. අපේ රටේ ජනතාව තවමත් පරක්කු වැඩියි. නීතිය සැමටම එකසේ ඉල්ලා පාරට බසින්න, නොකා නොබී උපවාස කරන්න. කොහෙවත් යන වඳ දොස්තරයෙකු වෙනුවෙන් උපවාස කෙරුවා, මෙහෙම කරන්න වුනේ නීතියක් නැති නිසයි. ජනාධිපතිගේ සිට හිඟන්නා දක්වා නීතිය සැමටම පොදු කරන්න කියා ඉල්ලා සිටින්න. දරුවන් දිහා අනුකම්පාවෙන් බලන්න අසරණයි
සරල ජනපති කෙනෙකුගේ සරල වැඩ
අන්න පොළොන්නරුවේ කුඹුරු කොටනවා.