දකුණු ආසියාවේ ක්‍රියාත්මක අල් කයිඩා ජාලයේ නායක අසීම් ඕමාර් මරා දැමීමට හැකිවුණු බව ඇෆ්ගන් රජය කියයි.
ඇෆ්ගන් ජනාධිපති අෂරෆ් ඝානී වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශකයකු මාධ්‍ය හමුවේ අනාවරණය කළේ අසීම් ඕමාර් ඝාතනය සිදුවී ඇත්තේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදා දකුණු ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ද් ප්‍රාන්තයේ මූසා කාලා දිස්ත්‍රික්කයේ කළ වැටලීමකදී බවය.
ඇෆ්ගන් ආරක්ෂක අංශ සහ ඇමෙරිකා බුද්ධි අංශ ඕමාර් ගැන විමසිල්ලෙන් පසුවුණු බවත්, ඔහු ඇතුළු අල් කයිඩා සාමාජිකයන් තලේබාන් තිප්පොලට පැමිණි අවස්ථාවේදී වැටලීම සිදු කළ බවත් වාර්තා වේ.
එම වැටලීම කර ඇත්තේ ඇෆ්ගන් සහ ඇමෙරිකන් සොල්දාදුවන්ගේ එකමුතුවෙනි. වැටලීම සඳහා ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශයේත් ඇෆ්ගන් රාජ්‍ය බුද්ධි අංශයේත් බුද්ධි තොරතුරු ලැබී ඇති බව ද පැවසෙයි.
ඇෆ්ගන් තලේබාන් සංවිධානයට අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ සහාය හිමිවෙයි. ඇෆ්ගන් සහ ඇමෙරිකන් සොල්දාදුවන් වටලා පහර දුන් නිවස තලේබාන් තිප්පොලකි.
තලේබාන් තිප්පොලට නුදුරින් මංගල උත්සවයක් ද පැවැත්විණි. හමුදා සොල්දාදුවන් කළ ප්‍රහාරයෙන් මංගල උත්සවයට සහභාගී වූ ඇෆ්ගන් සිවිල් වැසියෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය 40 දෙනාගෙන් වැඩිදෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් බව ද පැවැසෙයි.
හමුදා සිදුකළ මෙහෙයුමේදී අල් කයිඩා නායකයාට අමතරව අල් කයිඩා සාමාජිකයන් 6 දෙනකු ද තලේබාන් සාමාජිකයන් 22 දෙනකු ද ඝාතනයට ලක්වී ඇත. වැටලීමේදී 14 දෙනකු අත්අඩංගුවට ගැනීමට ද ආරක්ෂක අංශ සමත් විය. එසේ අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්තාන ජාතිකයන් පස් දෙනකු සහ බංග්ලාදේශ ජාතිකයකු සිටින බව ද ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසා තිබේ.
අල් කයිඩා නායක අසීම් ඕමාර් ඝාතන මෙහෙයුමේදී සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට පත්වුණැයි ඇෆ්ගන් ජනාධිපති පවසා තිබේ.
ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී හැකි සෑම අවස්ථාවකදීම සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු යැයි ඇෆ්ගන් ජනාධිපතිවරයා ඇෆ්ගන් සහ ඇමෙරිකන් හමුදාවලට පවසා ඇත. ඉන්දීය උප මහද්වීපය කේන්ද්‍රකොට ගනිමින් ක්‍රියාත්මක අල් කයිඩා ජාලය මෙහෙයවීම කළේ අසීම් ඕමාර්ය. ඇෆ්ගන් සහ ඇමෙරිකන් හමුදා එක් වී පහර දුන් තලේබාන් තිප්පොලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණුව ලබා ඇති බව සිදුකළ පරීක්ෂණවලින් වැඩිදුරටත් තහවුරු වී ඇතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
050
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දකුණු ආසියානු අල් කයිඩා ත්‍රස්ත නායකයා මරා දැමේ
sunil Wednesday, 09 October 2019 08:31 AM
සජිත් මහතාට අද්‍යාපන සුදුසු කම් නැහැ . ආණ්ඩුවේ සිට ඇති දේශපාලන පළපුරුද්දත් අවුරුදු 7යි . වෙනත් රැකියාවක් වත් කරලත් නැහැ . ඒත් නායකතුමා එකඟවූ පසු පොල්පිත්තකටක් වෙනුවෙන් වුවත් වැඩ කිරීමට අපි පාක්ෂිකයෝ ලෙස කටයුතු කරනවා. ඒක තමයි පක්ෂයේ හයිය
DILUM Wednesday, 09 October 2019 10:33 AM
කෝ අර එක්සත් ජාතින්.. ඇමරිකාව මරද්දී හොඳයි. ඒවා තලගොයි මස්...
Asanka Wednesday, 09 October 2019 12:31 PM
ලොකු දෙයක්... ජයවේවා ලොවටම හිසරදයක් මේ කාලකන්නි... දෙව්ලොව කන්‍යාවෝ 72ක් ලබාගන්න අහිංසකයන් මරණ අමනයන්..