IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


‘‘අපට වැරදුණේ ගෝඨාට තැන දීමයි‘‘

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අපිට එක තැනක් වැරදුනා, මම ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒ තමයි කිසිදා  දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම යැයි ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

ඒ වැරැද්දෙන් පස්සේ අපි පක්ෂය ඇතුළේ ස්වයං විවේචනයකට ගිහිල්ලා, ඒ වෙච්ච වැරැද්ද කවදාවත් කරන්නේ කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා. දේශපාලනය නොකරපු කෙනෙක් අපේ ජනාධිපති අපේක්ෂකයා කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරපු එක ගැන පොලිම් ටික නැතිවෙලා විදුලිය කපන්නේ නෑ බඩු මිල අඩු වෙනවා අද රට යම් ස්ථාවර භාවයකට පැමිණ තිබෙනවා. පොදුජන පෙරමුණු  බණ්ඩාරගම කාර්යාලය විවෘත කිරීමට අවස්තාවට එක් වෙමින් මේ බව පැවැසුවාය. 

 



අදහස් (21)

‘‘අපට වැරදුණේ ගෝඨාට තැන දීමයි‘‘

සමන් විමල් Sunday, 26 March 2023 09:28 PM

කසාද මිනිහ අතහැරලා පොලිස්කාරයෙක් එක්ක ගියේ පුරුදු කාරයෙක් හින්දා වෙන්න ඇති .

:       2       22

මැක්ස් Sunday, 26 March 2023 10:09 PM

සිරිමාවෝ මැතිනිය දේශපාලනයට එනකොට ඔය කියන අත්දැකීම් තිිබුණ ද? නෑ. නමුත් ඇයට හිටියා හොද විශ්වාසවන්ත දේශපාලක වැඩ්ඩො ටිකක්. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, එන්. කියු. ඩයස් වගේ. නමුත් ගෝඨාට හිටියේ කවුද? පොහොට්ටු දේශපාලකයො එතුමාට අවශ්‍ය සහාය දුන්නා ද?

:       3       20

samMonday, 27 March 2023 11:40 AM

සිරිමාවෝ මැතිණියට දේශපාලන අත්දැකීම් නොතිබුනාට. මොලයක් තිබුනා. උපදේශකයන්ගෙන් උපදෙස් ගන්න නිහතමානී කමක් තිබුනා. තමන් නොදන්නා බව දැන සිටියා. තමන් නොදන්නා බව වත් නොදන්නා, මොලයක් තියා ඔළුවක් වත් නැති උද්ධච්ඡ මෝඩයෙකු වන ගෝඨා සමග එතුමියව සංසන්දනය කිරීම සුදුසු නැහැ.

:       2       9

de silva Sunday, 26 March 2023 10:46 PM

ගෝඨා පැන්නුවේ බලය ගන්න, පාස්කු ප්‍රහාරය සහ ගෝඨා සුසංයෝගය නොමැති වුණා නම් ඔබලාට නැවත බලයට එන්න බැරි වෙනවා. නමුත් දැන් සියල්ලම පාරාවළලල්ක් ලෙස කැරකිලා ආපසු එනවා.

:       0       6

sena Monday, 27 March 2023 12:25 AM

ඔයාලා ඔයාලගේ වැරදි හදාගත්තා කියලා රෙදිත් නැතුව ආයේත් ඡන්දේ ඉල්ලනවා. රටට වෙච්ච පාඩුවට කවුද වගකියන්නේ.

:       0       13

C.K.Lankaputhra Monday, 27 March 2023 06:23 AM

එතකොට මහබැංකුව කඩපු හොරෙක් ජනාධිපති කමට සුදුසුයි කියල කිව්වද. කන්න හිතුනම කබරගොයත් තලගොයත් දෙන්නම එකයි කිියන්නෙ ඔ්කට තමයි මැඩම්. ඔයාලද දිව ඔ්නැ පැත්තකට නවන්න පුලුටන් ඔයාලගෙ වාසියට. ලැජ්ජයි..

:       5       37

කසුන් Monday, 27 March 2023 06:58 AM

"තැන" නෙවෙයි නෝනෙ, ඔතෙන්ට එන්න ඕන වෙන වචනයක්. අන්න ඒක නොදී හිටියා නම් ඉවරයි.

:       2       18

Asela Monday, 27 March 2023 07:24 AM

අනිත් රටවල ණය ගෙවන්නේ නැතිව නම් මටත් ඔය ජනාධිපතිකම කරන්න පුලුවන්.

:       8       14

කැළනිවැලි 1976 Monday, 27 March 2023 07:43 AM

ඒකනේ නෝනේ ඔහේලම නේද රනිල්ට රටේ පාලනය ගන්න ඉඩක් නොදුන්නේ ඕකට කියන්නෙ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැ කියලා ප්‍රභාකරන් හවුල් කරගෙන 2005 දී ලක්ෂ එකහමාරකින් රනිල් පරාජයට පත්කිරීම නිසා නේද රටට මෙහෙම වුනේ කියලා හිතෙනවා ඇතිනේ එදා එහෙම නොකලානම් කියලා හිතුනත් ගිය නුවන ඇතුන් ලවාවත් ගොඩගන්න බැහැනේ එනිසා එතුමාට තවත් කලක් රට කරන්න උදව්වක් දීලා දැන්වත් පැත්තකට වුනොත් හොදයි කියලා තමයි කියන්න හිතෙන්නේ

:       7       10

samanMonday, 27 March 2023 11:31 AM

2005 රනිල් ආවනම් අපිට තිබෙන්නේ රටවල් දෙකක ප්‍රශ්න නෙවේද ගොනෝ.

:       2       5

මහී Monday, 27 March 2023 08:00 AM

රටට වැරදුනේ තොපිට තැන දීම නිසයි. ජපානය වැනි රටවල දේශපාලනය මොන තරම් විනය ගරුකද? අපේ සල්ලි වලින් ගත්තු සැප වාහන වලින් බැහැලා තොපිත් අවුවේ තැම්බි තැම්බි ලේලන්ඩ් ලොරි බස් වල පලයල්ලා.

:       1       28

Vira Monday, 27 March 2023 08:28 AM

කාටද කියන්නේ. තොපි තමයි ගෝඨා ගෝඨා කියලා ගෙනාවේ. ඒ මිනිහව බිල්ලට තියලා දැන් බේරෙන්න දඟලනවා.

:       0       7

S.H.Liyanage Monday, 27 March 2023 08:55 AM

වැරදුනෙ හොරකම දූශනයට මුල්තැන දීල රට සල්ලි ගසා කෑ හින්ද ඒක ඝෝට පිට පටවල ඇඟ බෙරගන්න හදන්න එපා.

:       1       27

pakeer Monday, 27 March 2023 10:23 AM

උඹලට එවෙලෙ ඔනෙ උනේ රටට නායකයෙක් නෙමි බන්. උඹලට බලේ ඉන්න, බලේට එන්න පුලුවන් ඔන එලුවෙක්ව උඹල එවෙලේ පත් කර ගන්නව. එකයි...ඝෝටව පත් කර ගත්තෙ. උඹලව හිතුව මහින්දට එන්න බැරි නම්, ‌ඝෝට ගෙන් හරි බලේට එනව කියල..

:       1       14

ඉන්දික Monday, 27 March 2023 10:27 AM

ගෝඨාභයට වැරදුනේ මේ වගේ ගොන් කෑලි ලංකරගත්ත නිසා

:       1       21

Senarath Monday, 27 March 2023 10:32 AM

ගොට ජනපති උනු එකෙන් තමා කොවිඩ් හැදිල මිනිස්සු ලක්ශයක් විතර මැරෙන එක නැවතුනෙ. වැරදුනෙ, අවුරුදු 5න් කරන්න හිටපු කාබනික ගොවිතැන මාස 6න් කරන්න පුලුවන් කියල උපදෙස් දීපු ගොවිතැන ගැන මෙලෝ හසරක් නොදන්න බක පන්ඩිතයො නිසා. අනෙක කපුට වගෙ හොරෙක්ව සම්බන්ද කරගැනිම. එකෙන් වර්ජනය කරන්න බලාගෙන හිටපු උන්ට අවශ්‍යය වටපිටාව හැදුන.

:       4       8

මුරුංගා අත්ත Monday, 27 March 2023 10:57 AM

කපටි රජාලට වැරදෙන වැරදෙන පාරට ජනතාව පළි. ඇයි ඒ කාලේ අති ගරු ගගා බඩ ගෑ බව පෙන්නුම් කලේ මායමටද?

:       1       6

wije Monday, 27 March 2023 10:59 AM

අපට සහ රටට වැදුනේ තොපිට තැන දීපු නිසයි.

:       0       6

Indika Liyanage Monday, 27 March 2023 11:16 AM

වැරදුනේ තොපිට නොවෙයි බං තොපි විශ්වාස කරල පුටුවට බුලත් කොලේට පොහොට්ටුවට කතිරෙ ගහපු එවුන් නිසා සමස්ථ ලංකාවට තමයි

:       2       13

fairoos Monday, 27 March 2023 02:53 PM

රට වනසපු තවත් කෙනෙක් තමයි මෙයා.

:       0       0

සාර්කැස්ටික් Monday, 27 March 2023 04:46 PM

පො. පේ කාර්‍යාලය විවෘත කලාම ඒක හෙන වැදගත් ප්‍රවෘත්තියක්ද? බලන්න,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 186 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 1977 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 997 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 623 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 666 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 1379 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 860 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1409 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 361 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site