(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පල්ලම කටුපොත ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ සිරුර මතට නිවසේ බිත්තියක් පෙරළි යාමේන් අසාධ්‍යව හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසුව 23 දින මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පල්ලම කටුපොත පදිංචිව සිටි වයස අවුරුදු 12 ක් වයසැති  කුමාරසිංහ හෙට්ටිආරච්චිගේ විහඟ කේසර නැමති දරුවෙකි.

දරුවන් පස් දෙනකුගෙන් සමන්විත පවුලේ තුන්වන දරුවා බවත් මෙම මෙම දරුවාට වැඩිමල් දරුවන් දෙදෙනකුද බාල සහෝදරයන් දෙදෙනකුද සිටින බව කියයි.

නිවෙසේ ඉදිරිපිට කොටසේ බිත්තියක් අබලන් වි තිබි ඇති අතර එම බිත්තියට මෙම සිසුවා නැග ඇති බවත්,ඒ සමගම බිත්තිය පෙරළි යාමේන් එයට යටවි මරණයට පත්වන්නට ඇති බවයි.

බිත්තිය පෙරළිම සිදුවන අවස්ථාවෙදි මෙම දරුවාගේ මව අසනිපව සිටි මාස කිපයක් වයසැති බාල පුතුව වෛද්‍යවරයකුට පෙන්විමට ගොස් සිට ඇති බවත් නිවසේ මිත්තනිය හා දෙවන පුතු නිවසේ රැදි සිට ඇති පොලිසිය කියයි.