(ඩී.ජී.සුගතපාල)

නාගොඩ හොරන්ගල්ල ප්‍රදේශයේ වත්තකට එන වන සතුන් දඩයම් කිරිමට ඇද තිබු අනවසර විදුලි රැහැනක පැටලි  එක් අයකු මියගොස් තවත් අයකු බර පතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි නාගොඩ පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ තල්ගස්වල හොරන්ගල්ල පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි.තුවාල ලබා රොහල් ගතකර ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

හොරන්ගල්ල ගුරුවල හන්දියේ පිහිටි වෙළඳ සලක් අසල ඇති ඉඩමක සතුන් දඩයම් කිරිම සඳහා ඇද තිබු විදුලි රැහැනක පැටලිමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.