
(සිසිර ලලිත් කුමාර)
අධික වර්ෂාපතනයත් සමඟ කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයට ගලා එන ජල ධාරිතාව සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ජලාශය උපරිම ධාරිතාවයට ළඟා වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය පවසයි.
ඒ අනුව, අද පෙරවරු 07.00 ට පමණ ජලාශයේ වාන් දොරටු සහ මඩ සොරොව්ව විවෘත කර අතිරික්ත ජලය තත්පරයට ඝන මීටර් 130.00 ක පමණ සීඝ්‍රතාවයකින් කොත්මලා ඔයට මුදා හැරීමට පියවර ගෙන තිබේ.
මේ හේතුවෙන් කොත්මලේ වේල්ලෙන් පහළ පිහිටි කොත්මලා ඔය දෙපස නුගවෙල, රිවර්සයිඩ්, මාවතුර යන ප්‍රදේශවල මෙන්ම, මහවැලි ගඟේ උලපනේ සිට ගම්පොල, වැලිගල්ල, ගෙළිඔය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල දක්වා වූ පහත් බිම් ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතී.
ජලාශයට ලැබෙන ජල ධාරිතාව මත පදනම්ව පිටකරන ජල ප්‍රමාණය ඉදිරියේදී වෙනස් විය හැකි බැවින්, අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාව ඒ පිළිබඳව ඉතා දැඩි විමසිල්ලෙන් පසුවෙමින් තමන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කොත්මලේ කාර්යභාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd