(සුමිත් පොතුපිටිය)
කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල කාන්තාවක ලබන මෙම 15 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය නියෝග කළාය.
කළුතර, කටුකුරුන්ද ගාලුපාරේ පදිංචි වඩුගේ ඉනෝකා කුමාරී යන අය මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලදී.
දකුණු කළුතර ප්‍රධාන වීදියේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ වැටී මියගොස් සිට සොයාගන්නා ලද කළුතර, නාගොඩ පදිංචිව සිටී ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරිය එදින ලැගුම්හලට ඇතුළුවන මොහොතේ එහි පිළිගැනීමේ නිළධාරීනිය ලෙස සැකකාරිය කටයුතු කර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
සැකකාර කාන්තාව එදින අදාල හෝටලයේ පිළිගැනීමේ නිළධාරීනිය ලෙස කටයුතු කරමින් මියගොස් ඇති දැරියගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමකින් තොරව වෙනත් වැඩිහිටි තරුණියකගේ හැදුනුම්පතක් ලබාගෙන දැරියට ලිංගික කටයුතු සදහා පරිශ්‍රය ලබාදීම සම්බන්දයෙන් චෝදනා නගාතිබුණි.
උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජි.ඩී. බණ්ඩාර සහ සැරයන් ජගත් සිරිවර්ධන (41055) අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
නඩුව ලබන 15 දා යළි කැදවීමට නියමිතයි.
COMMENTS
එතකොට දැරියට අයුතු පරිහරණය සදහා හැදුනුම්පත ලබාදුන් කාන්තාව වැරැද්දක් කලේ නැද්ද. ඇයටත් දඩුවමක් දියයුතුය
යන්නේ කොහෙද මල්ලේ පොල් .ඇයව පාවිච්චි කළ ජෝඩුවට හෝ මිනිසාට තවමත් එක චෝදනාවක්වත් නැත
මේ හෝටලේ කළමනාකරුත් අත්අඩංගුවට ගන්න ඕනේ
මේ තැනැත්තිය කර ඇත්තේ ලොකු වරදක්.
කැකිල්ලේ රජූගේ නඩූ තීන්දුව හි....හි....
දරුවෝ හරියට හදාගෙන හොඳ රැකවරණයක් දුන්න නම් මේ කාටවත් දොස් කියන්න ඕනි නැහැ. සම්පූර්ණ වැරැද්ද අම්මගේ. ඔහොම යවනවද දරුවෙක්. තුන් පාරක් ඇහුවනම් හොඳ පාරක් දීලා දන්සල් වඳින්න අම්ම එකක් යන්න තිබ්බනේ.
චාටර් නේහ්. මම නම් කියන්නේ වලදාපු කෙල්ලව අරන් රිමාන්ඩ් කළා නම් හරි.. එතකොට වටේ ඉන්න ඔවුන් වැරැදි නෑ...
මේ හෝටලය හදපු බාස්ලා අත්අඩංගුවට ගන්න..
කැකිල්ලේ රජ්ජුරුවෝ වගේනේ දෙන නඩු තීන්දු...
මේ යන විදියට හෝටලේ හදපු බාස් හිරේ යන සීන් එකක් තියන්නේ...!
මට නම් මේ සම්බන්දයෙන් පරීක්ශන කරන පොලිසිය විශ්වාස නහ. පරීක්ශන කරන පොලිසිය මහතුරු ටික වහාම රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන්න!