IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහනාහිමියෝ අපවත් වෙති

උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරය හෙබවූ කුරුණෑගොඩ පියතිස්ස මහ නාහිමිපාණන් වහන්සේ ඊයේ (11) උදෑසන අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 91 හැවිරිදි වියේ පසුවූහ.

වර්ෂ 1928 දෙසැම්බර් 29 වැනිදා කෑගල්ල, ගලිගමුව, කුරුණෑගොඩ ග්‍රාමයේදී උපත ලැබූ උන්වහන්සේ, 1941 වසරේ නොවැම්බර් 06 වැනිදින පැවිදි දිවියට පත්වූහ.

වර්ෂ 1950 ක්වූ ජුනි මස 22 වැනිදා මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලද උන්වහන්සේ ලොව පුරා ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදීමෙන් සුවිශාල මෙහෙයක් ඉටුකළහ. එංගලන්තයේ සහ ඇමෙරිකාවේ බුදුදහම ව්‍යාප්ත කිරීම වෙනුවෙන් විහාරස්ථාන ඉදිකිරීමෙහිලා උන්වහන්සේ පුරෝගාමී වූහ.  

අපවත් වන විට උන්වහන්සේ ඇමෙරිකාවේ නිව්යෝක් විහාරස්ථානයේ විහාරාධිපති ධුරය හෙබවූහ.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඔක්තෝබර් 17වැනි බ්‍රහස්පතින්දා ඇමෙරිකානු වේලාවෙන් උදෑසන 10.30 ට ඇස්ටෝරියා බුලවාඞ් ඕසෝල් ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.    

 



අදහස් (19)

උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහනාහිමියෝ අපවත් වෙති

Nalaka Saturday, 12 October 2019 09:54 AM

නිවන්සුව අත්වේවා

:       4       52

සුමන Saturday, 12 October 2019 10:16 AM

ඇමරිකා ජනාධිපත් ට්‍රම්පුත් ඒවි නේද අවමගුලට.

:       161       137

prasanna Saturday, 12 October 2019 10:58 AM

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !

:       27       92

ChathuriSaturday, 12 October 2019 02:27 PM

ලංකාවේ වගේ ජනදිපතිගේ පැමිණීම බලපොරෝතුවෙන්නේ නැහැ , ඇමරිකාවේ ජිවත් වෙන වැසියන් , නමුත් ජනාදිපති තනතුරුර දරු ,බිල් ක්ලින්ටෝන් සහ හිලරි කිල්ටෙන් අනිවාර්යෙන් එනවා ,

:       1       100

sirimal Saturday, 12 October 2019 12:03 PM

ඇමෙරිකාවේ දීර්ඝ කාලයක් ධර්ම ප්‍රචාරක සේවයෙහි යෙදීසිටිමින් පිවිතුරු ථෙරවාදී බුදුදහම ප්‍රචලිත කිරීම උදෙසාත් එරට පදිංචි බොදුනුවන්ගේ ආගමික අවශ්‍යතාවයන් සපුරාලීම උදෙසාත් අනුපමේය සේවයක් ඉටුකළ උතුම් සඟරුවනක්. උන්වහන්සේට නිවන්සුව ප්‍රර්ථනා කරමු.

:       157       272

රොහාන් දයාදර පැරිස් Saturday, 12 October 2019 02:40 PM

මහා නායක හිමියන්ට නිවන් සුව පතමි..... එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාව ...!!! රොහාන් දයාදර පැරිස් .

:       31       71

kasun- la coranivuSaturday, 12 October 2019 11:05 PM

රොහාන් දයාදර....ඔබලාගේ එක්සත් ජාතික පක්ෂය සමග ප්‍රංශයේ අපිට ලොකුම ලොකු ගණුදෙනුවක් තියෙනවා බේරාගන්න මේ ඡන්දෙට. අපිට තිබුන අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රංශයෙන් ඉවත් කරගත්තේ ඔබගේ ඔය කියන එක්සත් ජාතික පක්ෂය තමයි.ප්‍රංශයේ සිටින තරුණ ඡන්ද වැඩි හරියක් මේ පාර යන්නේ මහේෂ් සේනානයකලාගේ විකල්පයටයි. හැම ඉරිදාම ඔබ ඇතුළු ඔබගේ බොනපාට්ලා ටික පච ගහයට ඉඳන් හොර පොට් එකෙන් යුරෝ 2 ක් විතර දාගෙන ලා චැපල් එකටම ඇහෙන්න කෑ ගහලා කරන සෙල්ලම නොදන්නා කෙනෙක් නැහැ.ලැජ්ජයි හලෝ.

:       0       8

Padmi Aturupana Saturday, 12 October 2019 03:13 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා..!!!

:       2       114

ananda Saturday, 12 October 2019 06:20 PM

ඔබ වන්හන්සේට උතුම් අමා මහා නිවන් සුවය ලැබේවා!

:       0       44

vidya Saturday, 12 October 2019 07:01 PM

නායක ස්වාමින් වහන්සේ වගේ ධර්මදර, විනයධර භික්ෂුන් වහන්සේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේට පසුව බිහි උනු භික්ෂුවක්. උන්වහන්සේට සම කිරීමට ඇමරිකාවේ තබා ලෝකයේ කිසිම භික්ෂුවක් නැති බව මට ගලිගමුවේ මගේ මිත්‍රයෙක් සානුකම්පිතව ප්‍රකාශ කළා. මටත් උන්වහන්සේ හමුවෙලා තියනවා. උන්වහන්සේ සමග කතා කරනකොට ඇතිවන සංවේදීභාවය කියල නිම කරන්න බැහැ. ඔබ වහන්සේට පිවිතුරු නිවන් සම්පත්තිය ලැබේවා!

:       0       47

Narendra Goonetillake Saturday, 12 October 2019 07:38 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා..!!!

:       0       7

DD Saturday, 12 October 2019 07:49 PM

ඔබ වහන්සේට නිවන් සුව! ඔබ වහන්සේ පොල්ගහවෙල මහා විද්‍යාලයේදී අපට බුද්ධාගම ඉගැන්වූ හැටි මතකයට එනවා.

:       0       21

DD Saturday, 12 October 2019 07:51 PM

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහ හදින්ම බුදු දහමට නැඹුරු ඔබවහන්සේලාට නිවන් සුව!

:       0       34

මෝ Saturday, 12 October 2019 09:54 PM

ආනන්ද විද්‍යාලයේදී උන්වහන්සේගේ සිසුවෙක් වී බුදු දහම උගත්තෙමි.ඉතාම චිත්තාකර්ශනීය රූපයක් සහ චවි වර්නයෙන් යුක්‍තවූ උන්වහන්සේ ඉතාම කරුණාවන්ත ගුරුවරයෙක් විය.අතිගරු සංඝනායක කුරුනෑගොඩ පියතිස්ස නාහිමිපානන්ට නිවන් සුව අත් වේවායි පතමි.

:       0       31

Jayantha Saturday, 12 October 2019 10:01 PM

කරගත්තාවූ අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේට නිර්වාන සුවය සාක්ෂාත් කරගැනීමට මතු භවයකදී හැකියාව ලැබේවා. මට හිතාගන්න අමාරු ගොඩක් අය නිවන් සුව අත්වේවා කියල කමෙන්ට් කරනකොට ඒවාට සමහර අය ධිස්ල්යික් කරන්නේ ඇයි කියල.

:       0       6

Kumar Sunday, 13 October 2019 01:05 AM

මම මෙපමණ කලක් සිතාගෙන සිටියේ ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරය දැරුවේ වල්පොල පියනන්ද හාමුදුරරවෝ කියලයි. ඇමෙරිකාවෙත් නිකාය තිබෙනවද?

:       0       0

chinthaka Sunday, 13 October 2019 01:10 AM

ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා!

:       0       6

ranjana Sunday, 13 October 2019 03:20 AM

නිවන් සුව අත්වේවා!

:       0       5

sam Sunday, 13 October 2019 04:22 AM

සුමන, ඇමෙරිකන් ජනාධිපති ඒවිද අහන්නේ නොදන්නාකමටද?

:       1       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1104 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site