
(එම්. සුසිල් ප්‍රියන්ත)
විදෙස් රටකට පලා ගොස් සිටින දකුණේ පාතාල නායකයකු වන 'සුපුන් බුද්ධික' නමැත්තාගේ ගෝලයින් තිදෙනෙකු, ගිනි අවි 3ක් හා ජීව පතුරොම් 5ක් සමග මාතර දික්වැල්ල ප්‍රදේශයේදි සැකපිට ප්‍රශ්න කිරීමට කලුතර පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ඒකකයේ නිලධාරින් අද (16) අත්අඩංගුවට ගෙන ඇත.
සිය බාරයට ගත් ගිනි අවි තුන අතර, ශ්‍රී ලංකාවේ, ස්පාඤ්ඤයේ සහ තවත් විදෙස් රටක (අංකය මකා ඇති) ගිනි අවියක් තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
මේ ගිනි අවි තුනම පාතාල නායක සුපුන් බුද්ධික නමැත්තා කළ ඝාතනවලට යොදාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බවද එම බලකාය කියයි.
මේ ගිනි අවි තුන හා සැකකරුවන් තිදෙනා වැඩිදුර පරීක්ෂණ සදහා දික්වැල්ල පොලීසියට භාර දුන් බව කළුතර පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ ඒකකයේ ප්‍රකාශකයෙක් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අල්ලන පාතාලෙ නරුමයො හැටියට මේක බෞද්ධයන්ගේ රටක් නෙමේ පාතාලයේ රටක්...