(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකුවකින් සැකකටයුතු ලෙස රුපියල් කෝටියක මුදලක් මෙරට පුද්ගලයකුගේ බැංකු ගිණුමකට බැරවීමේ සිද්ධියකට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කෝට්ඨාසය ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහයිල් මහතා ඉදිරියේ අද (02) කරුණු වාර්තා කර ඇත.
අංක 15, ඩී මෙල් මාවත, ඔෆ්කොරි පාර, දෙහිවල පදිංචි මොහොමඞ් ෆවුෂාන් නැමැති අයකුට අයත් මෙරට යකඩ ආශි‍්‍රත නිමැයුම් කර්මාන්තායතනයක් ලෙස පිහිටුවා ඇති අංක 183, 1/2, ගාලුපාර, දෙහිවල ලිපිනයේ පෙරික් ලංකා පුද්ගලික සමාගම නමින් ඉකුත් 2019 අපේ‍්‍රල් මස 24 වැනිදා National Bank of R. A. K. (P S C), PO 5300, R A S AL KHAMAIL UAE, UAE වශයෙන් සඳහන් විදේශීය බැංකුවකින් රුපියල් මිලියන 10ක මුදලක් සැකකටයුතු ලෙස මෙම සමාගමේ ගිණුමට ලැබී ඇති බවත් මෙම මොහොමඞ් ෆවුෂාන් නැමැත්තාගේ ව්‍යාපාර කටයුතු මෙන්ම පෞද්ගලික ගණුදෙනු ද අතීශය සැකකටයුතු බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඒ අනුව අදාළ බැංකු ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම, පෙරික් ලංකා පුද්ගලික සමාගමේ සහ එහි අධ්‍යක්ෂකවරුන් සම්බන්ධයෙන් සියලුම බැංකු ගිණුම් වාර්තා කැඳවීම සඳහා නියෝග ලබා දෙන ලෙසට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණී.
මෙම බී වාර්තාවට අනුව ඉදිරිපත් කර තිබූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ පුද්ගලයින්ට අයත් බැංකු ගිණුම්වලට අදාළ මූල්‍ය වාර්තාවන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලබා දෙන ලෙස එම මූල්‍ය ආයතනවල කළමණාකරුවන් වෙත නියෝග කළේය.

COMMENTS
බය වෙන්න එපා. මෙයාට මුකුත් වෙන්නේ නෑ. වෙන එකම දේ මේ පරීක්ෂණ කරන මනුස්සයා හිරේ යන එක විතරයි.
මැණික් මලු ගැන තාම පරීක්ෂණ කරනවා. මේවා හොයලා තීරණයක් ගන්න කොට 2025 විතර වෙයි. එතකොට වෙන්න ඕනෑ ඔක්කොම වෙලා තියෙයි. අර ඇමෙරිකන් පුරවැසියා වගේ බලේ නැතත් හයියක් තියෙන කෙනෙක් නම් පරීක්ෂණ කරන්න එපා කියලා තහනම් කරවා ගන්නත් පුලුවන්...
එ්ත් අර ශරියා ඉස්කෝලේ හදපු එක්කෙනාට සල්ලි අාවේ කොහෙන්ද කියලවත් හොයාගන්න බැරි වුණාට කවුරුවත් නඩුවක්වත් දාන පාටක් පෙනෙන්න නැහැ.
හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ..