( තිලකරත්න දිසානායක.)
අත්‍යාවශ්‍ය හේතුන් හැර ඉදිරි සති දෙකක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළුවීම සහ පිටවීම සම්පුර්ණයෙන්ම අත්හිටුවීමට අද (10) පැවති ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝග නිවාරණය සඳහා අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ කමිටුව තීරණය කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ දැනට 15,000 ක පමණ පිරිසක් ගම් බිම් බලා යාමට නොහැකිව කොටුවී සිටින බවද මෙහිදී අනාවරණය විය.
ගම්පහ, රාගම සහ මීගමුව යන රෝහල් තුනෙහි කොරෝනා රෝගී තත්ත්වයේ සැක සහිත 51 දෙනෙකු සහ රෝගය වැළඳී ඇති පුද්ගලයින් ඇසුරු කළ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර සිටීම හේතුවෙන් මෙවන් තීරණයක් ගත යුතු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය චන්ද්‍රානි සේනාරත්න මහත්මිය සදහන් කළාය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම පැවති අතර අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ දැනට කොටුවී සිටින පිරිසට ගම් බිම් බලා යාමට අවස්ථාව ලබා දෙන තෙක් ඔවුනට සහන සැලසීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd