(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර සහ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරු එම සාකච්ඡාවට සහභාගී වුහ.
ශ්‍රිලනිපය හා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී පිළිතුරු දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දිර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.
ඉදිරි ආණ්ඩුවක දී ඇමැතිධූර සංඛ්‍යාව 30 කට සීමා කිරිම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරිම ආදී කාරණා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වූ බව කී අමරවීර මහතා එම සාකච්ඡා සුබවාදීව අවසන් වූ බව කීය.
ලබන සතියේ ද ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ තවත් සාකච්ඡා වටයක් පැවැත්වීම බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
තමා ඇතුළු ශ්‍රිලනිප නියෝජිත පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුමැතිය ඇතිව බවද හෙතෙම කීවේය.
මෙම සාකච්ඡාව පුරා පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ගෝඨා හමුවෙන්ට යන්ට ඇත්තේ රට යකාට ගියත්, ඇමති පට්ටමක් ගන්ට පුලුවන්ද කියල හොයල බලන්ට වෙන්ට ඇති.
මේ සේරම දඟලන්නේ බලයට තියෙන කෑදරකම නිසා මිස රට වෙනුවෙන් නෙවේ. තීන්දු තීරණ ගැනීමේදී මහින්දට මිස ගෝඨාභයට කිසිම බලයක් නැහැ.ගෝඨා හදන්නේ විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධාරීන් එකතු කර එක් ග්‍රාමසේවා කොට්ඨාශයකට 40 බැගින් සංවිධානගත කිරිමටයි. මෙම වැඩපිළිවෙල අනුව ඡන්ද වැඩකටයුතු වලින් දේශපාලඥයින් ඈත් කෙරෙනු ඇත. ගෝඨාභය මහින්ද හමුවී මෙම යෝජනාව ගැන කතා බස් කලද මහින්ද එයට කැමැත්තක් දක්වා නැත. මේ අතර ඉතාම රහසිගත මට්ටමෙන් සිදුකෙරුණු ජනපති මහින්ද හමුවේදී ජනාධිපතිවරයා ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය තමන්ට හිමිවිය යුතු බවට තදින්ම පවසා ඇතිබවත් ආරංචි වෙනවා. මේ යෝජනාව ගැන මහින්ද කලබලයට පත්ව ඇති අතර "තමන් ගෝඨාට අවස්ථාවක් ලබා දුන්නත් ඔහුට එය නිවැරදි ලෙස කළමනාකරණය කරගත නොහැකි වූ බවත් ඔහුට තිබෙන බවට පැවසූ ජනතා රැල්ල ඔප්පු කර පෙන්වීමට ඔහු අසමත් වූ බවත් සුළු ජාතික ඡන්ද දිනාගැනීමට කිසිදු තීරණාත්මක උත්සාහයක් ඔහු නොගත් බවත් ඔහුව ජනාධිපතිවරණ සටනින් ඉවත් කිරීමේ හැකියාව තමන් සතු බවත්" පැවසුවාලු.ජනාධිපති "තමන්ට කිසිදු හදිසියක් නොමැති බවත් " කීවාලු.මේ පක්ෂ දෙක එකතු උනොත් ගෝඨාට මොනවා වෙයිද?
මං හිතුවේ සාමාජිකත්වය ගන්නවත් ගියාද කියලා ?
ගෝඨාභය මැතිතුමා හුදු දේශපාලකයෙකු නොවේ. ගැමුණු රජු මෙන් විශ්වාස කළ හැකි වීර චරිතයකි. ඔහු සමඟ එක්වී රට කෙලින් සිටුවන්න
ඔය ඔක්කොම බොරු. කතාකලේ දිනුවම අපිට ඇමතිකම් කීයක් දෙනවද කියල විතරයි ?
අනේ මෙයාලට ගිය කලක්...
දවල් හීන දකිනවා වගේ...ටෙලි නාට්‍ය තිර පිටපත් ලියන්න ගියොත් හොද අනාගතයක් තියේවි .
ඔය ඇදෙන්නේ ලස්සනට කබරයේ තලගොයි කරන නියාය ආචාර්ය වරු
මේ තුන්දෙනා ටම ගෝටා ගෙන් ඇමති කම් නො
ඔයාලත් නගින්න අනේ.. බස් එක යන්න කලින් . අපි වෙන මොකක හරි එන්නම්.