
(අංජුල මහික වීරරත්න)
යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ටත් යුරියා පොහොර නිකුත් කරන ලෙස කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ට උපදෙස් දුන්නේය.
ඉන්දීය රජය විසින් ලබා දෙන යුරියා පොහොර තොගය මෙම මස පළමු සතියේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එම පොහොර මෙට්‍රික් ටොන් 65,000න් මෙට්‍රික් ටොන් 50,000ක් වී වගාව සඳහාත්, මෙට්‍රික් ටොන් 10,000ක් බඩඉරිඟු වගාවටත් ලබා දීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යාංශය කියයි. එමෙන්ම යුරියා පොහොර මෙට්‍රික් ටොන් 5000ක් තේ වගාව සඳහා දීමට සැලසුම් කර ඇතැයි ද යල කන්නයේ වී වගාවට යොදාගත් යුරියා පොහොරවලින් යම් ප්‍රමාණයක් ඉතිරි වුවහොත් එම ප්‍රමාණය ද තේ වගාව සඳහා දෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
මව්වරුන්ට සහ දරුවන්ට දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු, මුං ඇට හා සෝයා බෝංචි හිඟය නිසා රජයේ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව ද වැසී ගොස් ඇති හෙයින් බඩඉරිඟු වගාව නැවත නංවාලීම සඳහා යුරියා පොහොර අනිවාර්යයෙන්ම සැපයිය යුතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව සින්ගල් සුපර් පොස්පේට් ( SINGLE SUPER PHOSPATE) පොහොර නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඇරඹීම සඳහා ඉදිරිපත්ව ඇති ආයෝජකයින් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
225 ට බෙදලා ඉතුරු වුණොත් ගොවියන්ට දෙනවා... එහෙම තමයි ඕවා බෙදන්නේ... ඒ 225 යාළුවෝ, නෑදෑයෝ, හිතමිතුරෝ...
ඇමතිතුමෝ ලංකාවෙ ලංකාවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා යූරියා නිපදවන කම්හලක් තිබුනා නේද ඒකට මොකද කලේ කියන්න කවුද ඒක යකඩ සදහා විකිණීම අනුමත කල බූරුවො මොක්කුද කියන්න මොකා වුනත් ලංකාවෙ අතිරික්ත යූරියා නිපදවීම කලානම් ඒවා විනිමය උපයන්න තිබුනා නේද ,.තේ වලට ටිකක් වැඩියෙන් යූරියා දුන්නොත් විනිමය ටිකක් ලබාගන්න පුළුවන් .තේවලට දෙන යූරියා දීම කරන්නෙ පොහොට්ටු සමිති වලටද නැත්නම් ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයේ ශාඛාවන් සදහාද කියන්න කොහොමත් තේ වලට දෙන ප්‍රමාණය කෙසේවත් මදි
ඔය කියන නැව ශුවර් එකටම එනවද? ඔබතුමා ඔබතුමා ඔය කියන්නේ විශ්වාසයෙන්ද? වගකීම බාරගන්න ඔබ සූදානම්ද?
ඔව්.. ඔව්.. මැයි 09 වැනිදා අපි දැක්කනේ යූරියා, මඩපොහොර බෙදාගෙන තිබුණු හැටි.. චමල්ගේ ගබඩාව... මහීපාලගේ ගොවිපළ... තව අර ජොනියගෙත් මොකක්ද ගොවිපළක් තියෙන්නේ ලග්ගල පැත්තේ... එතැනටත් යනවද?