IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ප්‍රථම වරට වත්කම් බැරකම් ප්‍රකාශ මහජනතාව අතට

බිඟුන් මේනක ගමගේ 

 

ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සිය වත්කම් බැරකම් ප්‍රකාශ ජනගත කිරීමට අද (28) පියවර ගත්හ. 

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැගුණු වත්කම් බැරකම් තොරතුරු ජනසතු කිරීමේ ව්‍යාපාරයේ පියවරක් හැටියට මෙම කටයුත්තට දායක වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වාසුදේව නානායක්කාර, විදුර වික්‍රමනායක, තාරක බාලසුරිය, දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න යන මහත්වරුය. 

මෙම කටයුත්ත සම්බන්ධයෙන් අදහස් දැක් වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා පැවැසුවේ මෙරට දේශපාලන සංස්කෘතියේ වෙනසක් වෙනුවෙන් තැබූ ඓතිහාසික පියවරක් බවට මෙම තොරතුරු හෙළිදරව්ව පත්වනු ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔබේසේකර මහතා මෙසේ ද පැවැසීය.

“තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජනතාව අතට පත් කරන්නට මෙම පාර්ලිමේන්තු නියෝජිතයන් 06 දෙනා විසින් ගනු ලැබූ නිර්භීත පියවර අපගේ ප්‍රශංසාවට ලක්වෙනවා. මෙම අවස්ථාව,දේශපාලනඥයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජනසතු කිරීමේ ව්‍යාපාරයේ සුවිශේෂී මං සළකුණක්. මෙම පියවර, පාර්ලිමේන්තුව මහජනතාව වෙත විවෘත කිරීමට, විනිවිදභාවය සහ වගවීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජනතාව සහ ඔවුන්ගේ නියෝජිතයන් අතර පවත්නා දුරස්ථභාවය දුරලීමට ද හේතු වෙනවා. මෙය ආදර්ශයට ගනිමින් සෙසු සියලු ජනතා නියෝජිතයන් ද, තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ මහජනතාව අතට පත්කර නිසැක වශයෙන්ම තහවුරු කළ යුතු මහජන යහපත වෙනුවෙන් පෙනී සිටිනු ඇති බව අපගේ බලාපොරොත්තුවයි”. 

 

 

(එම ප්‍රකාශ නැරඹීමට පිවිසෙන්න - https://tisrilanka.us14.list-manage.com/track/click?u=57c6cb3a3800e1b647eef16aa&id=643118cb21&e=0198ab991a)   



අදහස් (5)

ප්‍රථම වරට වත්කම් බැරකම් ප්‍රකාශ මහජනතාව අතට

sena Thursday, 28 February 2019 12:46 PM

වැඩකට නැති වැඩක්. කව්ද තමන්ගේ නමින් හොරකම් කරපු දේවල් තියාගන්නේ.

:       0       0

Raveendra Thursday, 28 February 2019 12:54 PM

අප මෙම මහජන නියෝජිතයන්ගේ ක්‍රියාව ඉතාමත්ම ඉහලින් අගය කරන්නෙමු.

:       0       0

Sriyal Thursday, 28 February 2019 03:48 PM

ගෞරවනීය දේශපාලකයින් සඳහා ආරම්භයක්..

:       0       1

Bamunuarachchi Friday, 01 March 2019 04:30 AM

අපි ඒ ගොල්ලන්ගේ වත් පොසොසත් කම ගැන දන්නවා. ඉස්කෝලේ යන කාලේ බයිසිකලයක් නොතිබ්බ එවුන් දැන් යන්නේ බී එම් ඩබ්ලිව් වල. තව මොකටද අපි වෙබ් අඩවි වලට යන්නේ මුන්ගේ වත්කම් බලන්න.

:       0       0

දිමුත් Friday, 01 March 2019 04:36 AM

අනිත් අයගේ ඒිවාත් දාන්න කියන්න

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 170 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1026 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site