(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 769 යි ග්‍රෑම් 469 ක ප්‍රමාණය විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හා ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් එම්. එම්. එම්. නිෆාර් මහතාගේ අධීක්ෂණය යටතේ අද (01) සිදුකෙරිණි.
දියර ලෙස සකස් කර කොළඹ සිට දැඩි පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන ආ කොකේන් තොගය පුත්තලම ඉන්සි ඉකෝසයිකල් සමාගමේ සෙල්සියස් අංශක 1800 -2000 ක උෂ්ණත්වයකින් යුතු උදුනක් තුළ විනාශ කිරීම සිදුකෙරිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති උත්සවයකදී අදාළ කොකේන් තොගය විනාශ කිරීම ආරම්භ කෙරිණි.
පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිස් නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව යටතේ අදාළ කොකේන් තොගය විනාශ කිරීම සිදුවිය.
මේ අවස්ථාවට අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.




COMMENTS
ඉතා හොඳ වැඩපිළිවෙලක් . ඒ උනාට මෙය උත්සවයක් ද , අධිකරණ නියෝගයක් මත කෙරෙන නෛතික ක්‍රියාන්විතයකද ?
දැන් නම් පොඩි පහේ සැනසීමක් දැනෙනවා…..තවත් තියෙනවනේ විනාශ කළ යුතු ගොඩාක් …….
පුරවැසියන් විදියට ජනාධිපතිතුමාට උත්තමාචාරය....... මෙතුමා ආණ්ඩුවේ හොරුන්ගෙන් පොලිසිය ගලවාගෙන තැනගේ යටතට ගැනීමෙන් පසු මේ ඉතිහාසගත සේවය කිරීමට හැකිවූ බව රටම දන්නා කරුණක් ඔබතුමාට වැඩකට නිකම්මු ගෙදරම යවල තනියම රට කරන්න පුලුවන්නම් තව අවුරුදු දෙක තුනකින් මේ රට සුර පුරයක්
අපගේ ප්‍රණාමය!!!!!! කෝ අර රූකඩ සහ ජාවාරම්කාරයන්ට ඕන නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියල මර හඩ තලන රතු අලි පැටවූ ටික???
"අද පැවැති උත්සවයකදී" හ්ම්ම්..
කොකේන් විනාශ කිරිමේ මහ උත්සවය ! ඒකටත් ඉතින් කෝටි ගානක් යන්න ඇති !
ප්‍රති අපනයනය කලානම් රජයට විශාල මුදලක් සොයා ගන්න තිබුනා. මෙක්සිකෝවට පුලුවන්නම් අපිට බැරි ඇයි?
දේශපාලුවන්ට උත්සවයක් උසාවියට නීතිය ක්‍රීයාත්මක කිරීමක් කුඩු කාරයින්ට විශාල නාස්තියක් ජනතාවට දැනෙන කිසිවක් මෙතන නැත.
මුහුණවල් බැඳගෙන මොනවාදෝ යන්ත්‍ර වගයක් සවිකරගෙන කොකේන් විනාස කොරන්න කරන මේ ජරමරය කොකේන් බීලා විනාස වෙන මිනිස්සු වත් කරන්නේ නැත.