
සූර්යා සුවඳකූරු ලංකාදීප ඔන්ලයින් සමග එක්ව කරනු ලබන සිය සදහම් සැරිසර බක් පුන් පොහෝ දා වැඩසටහන ඓතිහාසික මාතලේ අලුවිහාරයේ දී පොහොය දින, වැඩසටහන් ගණනාවකින් යුතුව සංවිධානය කර තිබුණි.
සූර්යා සුවඳ කූරු ‘‘සදහම් සැරිසර’’ සෑම පොහෝ දිනකම දිවයිනේ විවිධ ප‍්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන මූලික කරගෙන ක‍්‍රියාත්මක කරයි.
පසුගිය මැදින් පොහොය දින මෙන්ම, මෙවර බක් පොහෝ දින ද ‘‘සූර්යා සුගන්ධ ධූප පූජා’’ සුව`ද දුම් පෙරහැර ද ක‍්‍රියාත්මක කෙරිනි. විහාරස්ථානය අවට ප‍්‍රදේශවාසීන්, උපාසක උපාසිකාවන් සහ සූර්යා කාර්ය මණ්ඩලයේ ද සහභාගිත්වයෙන් මෙම විශේෂ සුවඳ දුම් පූජාව සිදුකෙරිනි.
ශක්තිමත් හා විශ්වාසනීය සන්නාමයක් ලෙස සූර්යා දශක හතරකට ආසන්න කාලයක් මෙරට ජනතාවගේ ආදරය විශ්වාසය දිනා ගත් සන්නාමයකි. දේශීය වෙළඳ පොල තුළ සිය විශ්වාසය පරිපූර්ණ කළ සූර්යා ගමයි, පන්සලයි වැවයි දාගැබයි යන ලාංකේය සංස්කෘතික උරුමයේ වටිනා දායදමය බැඳීමට උර දෙමින් සදහම් සැරිසර දියත් කරයි. හෙට දිනයට ගුණධර්ම වලින් හෙබි පරපුරක් බිහි කළ යුතු බවත් ආදරණීය බැඳීම් වලින් හුදු සමාජය ආකල්පමය වශයෙන් ද වෙනස් කළ යුතු බවත් සන්මැච් ආයතනයේ අධ්‍යක්ෂිකා සහ ප‍්‍රධාන වෙළඳ නිලධාරිනි ගෞරි රාජන් මෙනවිය පවසයි.
එහිදී ව්‍යාපාර වලට එහා ගොස් සමාජය වෙනුවෙන් කළ යුතු වගකීම් සමුදායක් ජනාදරය දිනා ගත් ආයතනයක් ලෙස සූර්යා පවුලට ඇති බව පැවසීය.
දශක හතරකට ආසන්න කාලයක් ජනතා විශ්වාසය දිනූ සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදන ආයතනය වන සන්මැච් පෞද්ගලික සමාගමේ සාඩම්බර නිෂ්පාදකයක්වන සූර්යා සුව`ද කූරු එකිනෙකට වෙනස් සුවඳ වර්ග 14කින් වෙළෙඳපොළට හදුන්වා දී ඇත.
කෙටි කාලයක් තුල ජනතා ආකර්ෂණය දිනා ගත් සූර්යා සුවඳ කූරු, සූර්යා ගිනි පෙට්ටි සේම ජනතාවගේ හදවතේ මේ වන විට ලැඟුම් ගෙන අවසන්ය. සූර්යා සුවඳ කූරු ගැන අදහස් දක්වමින් බොහෝ දෙනෙක් අප සමඟ පැවසුවේ එහි ඇති සුවඳ, ආරක්ෂිත බව, සාධාරන මිල වැනි බොහෝ සාධක හමුවේ සූර්යා සුවඳ කූරු ඔවුන්ට සමීප වී ඇති බවයි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානම ගිනි පෙට්ටි නිෂ්පාදකයා ‘‘සූර්යා’’ සන්නාම තානාපතිනිය ලෙස ප‍්‍රවීණ සහ සම්මානලාභී රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම මෙනවිය පසුගිය දා ගිවිසුම්ගත වූවාය.
ලී නිමැයුමෙන් පැවැති ගිනිකූරු ඉටි ආලේපිත ආරක්‍ෂිත ගිනිකූරක් බවට පත්කරමින් ශ‍්‍රී ලාංකිකයන්ට වැඩි ආරක්ෂාවක් සැපයූ ‘සූර්යා ගිනිපෙට්ටි මේ වන විට සමස්ථ ශ‍්‍රී ලාංකිකයන්ට නැතුවම බැරි නිෂ්පාදනයක් බවට පත්ව ඇති අතර සූර්යා මේ වන විට ශරීරයට හිතකර සුවඳ වර්ග 14 කින් යුත් සුවඳ කුරූ හා විවිධ ප‍්‍රමාණයේ නොවැගිරෙන ඉටි පන්දම් නිෂ්පාදනය කර ජනතා ආකාර්ශනය දිනාගෙන තිබේ.
එමෙන්ම ඉදිරියේදී සුවඳ කුරූවලට සමගාමී නිෂ්පාදන කීපයක් ද වෙළෙඳපොලට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබේ.
සූර්යා සදහම් සැරිසර වැඩසටහනේ ගුවන් විදුලි මාධ්‍ය දායකත්වය සිටි එෆ් එම් ගුවන් විදුලි නාලිකාව දරන අතර මුද්‍රිත, වෙබ් සහ සමාජ මාධ්‍ය දායකත්වය ලංකාදීප පුවත්පත, ලංකාදීප ධබකසබැ විසින් සිදු කරයි.





2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සූර්යා සුවඳ මාතලේ අලූ විහාරයට