IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


රාජ්‍ය දේපල අවභාවිතය පෙරට වඩා වැඩියි

(විනීතා එම් ගමගේ)

රාජ්‍ය බලය හා රාජ්‍ය දේපල අභාවිතය සම්බන්ධයෙන් 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව වැඩි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය.

2015 ජනාධිපතිවරණයේ දී රාජ්‍ය  බලය සහ රාජ්‍ය දේපල අවභාවිතාව පිළිබඳව නොවැම්බර් 11 වැනිදා සිටි දෙසැම්බර් 7  වැනිදා දක්වා පැමිණිලි 05 ක් ලැබී තිබූ අතර මෙවර සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 14 වැනිදා දක්වා පැමිණිලි 26 ක් ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.    

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ සැප්තැම්බර් 18 වැනිදා සිට මේ දක්වා පැෆරල් සංවිධානය වෙත පැමිණිලි 62 ක් ලැබී ඇති බවත් එයින් බාගයකට වඩා ලැබී ඇත්තේ රාජ්‍ය දේපල අවභාවිතා කිරීම් පිළිබඳ පැමිණිලි යැයි ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.

පැමිණිලි 62 න් 26 ක් රාජ්‍ය දේපල අවභාවිතා කිරීම් සම්බන්ධව බවත් ඒ අතර රැකියා ලබා දීම් ප‍්‍රමුඛ තැනක් ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

සංවර්ධන ව්‍යාපෘති සහනාධාර වැඩසටහන් මධ්‍යම රජය හරහා මෙන්ම පළාත් පලාන ආයතනවල සහ පළාත් සභාවලත් රැකියා ලබා දීම් සහ අපේක්ෂකයින් ප‍්‍රවර්ධනය සඳහා සම්පත් භාවිතා කිරීම් පිළිබඳව ද තොරතුරු වාර්තා වී ඇතැයි හෙට්ටිආරච්චි මහතා කීය.

රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිස ඉදිරිපත් වී සිටින මෙවර ජනාධිපතිවරණයේ දී මේ වනතුරුත් කිසිඳු ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් වාර්තා නොවීම සාධනීය ලක්ෂණයක් යැයි ද ජනතාව, දේශපාලඥයන් හා මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව යම් තරමක සවිඥානික වීම දියුණු දේශපාලන සංස්කෘතියක මූලික ලක්ෂණ පෙන්නුම් කරන බව ද ඔහු කියා සිටියේය.

ඇල්පිටියේ පළාත් පාලන මැතිවරණයෙන් උගත හැකි පාඩම් ඇතැයි ද එහි දේශපාලඥයින් කිසියම් විනයක් හා සංයමයක් ඇතිව මැතිවරණ ව්‍යාපාරය කි‍්‍රයාත්මක කළේ යැයි ද කී හෙට්ටිආරච්චි මහතා එය සමස්ත රට තුළම පවත්වා ගන්නැයි සියලු දේශපාලඥයින් ගෙන් ඉල්ලීමක් ද කළේය.

මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා 6000 පිරිසක් යොදවන බවත් දිවයිනම ආවරණය වන පරිදි ඔවුන් නිරික්ෂණ කටයුතු කරනු ඇති බවත් කී පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා මේ වනවිටත් සැම මැතිවරණ කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි දිගුකාලින නිරීක්ෂකයන් 160 දෙනෙකු නිරීක්ෂණ කටයුතුවල යෙදෙන බව ද පැවසීය.

එමෙන්ම සර්ව පාක්ෂික මෙහෙයුම් මැදිරියක් සෑම දිස්ත‍්‍රික්කයකටම ස්ථාපනය කර ඇති බවත් ඒවායේ පැමිණිලි ඒකක ක‍්‍රියාත්මක වන බවත් කී හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය පැවැත්වෙන දින හතරේ දී නිරීක්ෂකයන් දහසක් දෙනා එම කටයුතු නිරීක්ෂණය කරන බව ද කීය.

එමෙන්ම ලැබෙන පැමිණිලි විමර්ශනය කර ඒ සම්බන්ධ කඩිනමින් ක‍්‍රියාත්මක වීම සඳහා විශේෂ මැතිවරණ නිරීක්ෂණ ඒකකයක් ස්ථාපිත කරන්නට පැෆරල් සංවිධානය කටයුතු කර ඇතැයි ද පළපුරුදු නීතිඥයන් ඇතුළු 20 දෙනෙකුගේ කණ්ඩායමක් එම ඒකකයට අනුයුක්ත කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

පැෆරල් සංවිධානය ඉතිහාසයේ පළමුවතාවට සමාජ මාධ්‍ය නිරීක්ෂණය ආරම්භ කළ බවත් ඒ සඳහා කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවත් කී හෙට්ටිආරච්චි මහතා වෛරි ප‍්‍රකාශන වැරදි තොරතුරු වැරදි අර්ථකතන ඇතුළත් නොමග යවන හෝ ජනතාව නොසන්සුන් කරන ප‍්‍රකාශ පිළිබඳව නිරීක්ෂණය කර ඒවා මැතිවරණ කොමිසමේ අධීක්ෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ෆේස්බුක් නියෝජිතයන්ට යොමුකර අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනු ඇති බවත් හෙතෙම පවසා සිටියේය. 



අදහස් (4)

රාජ්‍ය දේපල අවභාවිතය පෙරට වඩා වැඩියි

Dil Perera Tuesday, 15 October 2019 02:48 PM

යහපාලනය නියමෙට වැඩ කරනවා. නියමයි! ගෙදරට පර කාසේ. ලෝකෙට මරවාසේ. කකුළුවා, පැටියාට කෙලින් යන්න කිව්වාලු.

:       0       145

මුණසිංහ Wednesday, 16 October 2019 02:16 AM

සජිත් මහත්මයා දෙන්න මේවට උත්තර. වේදිකා වල කෑ ගහනව වංචාව-දූෂණය නතර කරනව කියල කිය කිය ඒවම කරනවා. මිනිස්සු මේව ගැන අවබෝධයෙන්......

:       0       86

Bamunuarachchi Wednesday, 16 October 2019 04:43 AM

මේක තමයි යහපාලනය.

:       0       48

jagath Wednesday, 16 October 2019 09:16 AM

මීට කලින් කම්මෙන්ට් කරලා තියන උන්ට මතකද? මහින්ද 2015 මැතිවරණයට කරපු දේවල්... හිතට එකඟව කතා කරනවා නම් දැන් ආණ්ඩු පක්ෂයට වැඩිය මැතිවරණ නීති උලංඝනය කරන්නේ විපක්ෂය... දැන් මෙච්චර පැමිණිලි වැඩිවෙන්න හේතුව යහපාලනයෙන් සම්මත කරගත් නීති අනුව ඕනෑම සුළු නීති උල්ලංඝනය කිරීමක් පැමිණිලි කරන්න බලය තියනවා. 2015 පෙර ඕවා කරා නම් සුදු වෑන් එකක එලවා යන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28343 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18191 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 672 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 197 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 855 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site