
(පුෂ්පකුමාර ජයරත්න සහ සම්පත් සෙනෙවිරත්න )
මියගිය පුතුගේ තෙමස් පිංකමට සහභාගි වීමට පිටරටක සිට පැමිණි තම බිරිඳ මන්නයකින් කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකු ඔහුද සියදිවි හානි කරගෙන ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.
ගොකරැල්ල වෑගම ප්‍රදේශයේ පදිංචිව සිටි නිලූකා විජේසුන්දර නමැති 46 හැවිරිදි කාන්තාව තම සැමියා අතින් ඝාතනයට ලක්ව ඇත.
පවුල් ආරාවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
ඝාතනයට ලක්වූ කාන්තාව දිගු කාලයක් විදේශයක රැකියාවක් කරමින් සිට ඇති අතර මීට මාස තුනකට පෙර හදිසි අනතූරකින් මිය ගිය 19 හැවිරිදි තම වැඩිමහල් පුත්‍රයාගේ තෙමස් දානයට සහභාගි වීමට ඇය පසුගිය මස 12 වන දින මෙරටට පැමිණ ඇත.
විවාහයෙන් වෙන්ව සිටි සැමියා හොර රහසේ ඊයේ රාත්‍රියේ කාන්තාව පදිංචිව සිටි නිවස තුළට පැමිණ කාමරය තුළදීම ඇයට මන්නයකින් පහරදී කපා කොටා ඝාතනය කර ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.