IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඩුබායි රටින් පිටුවහල් කළ අමිල සම්පත් රිමාන්ඩ්

(ජයන්ත නානායක්කාර)
 
මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කර පසුව රහස් පොලිසිය අත්අඩංගුවට ගත් සේපාල රත්නායක  අමිල සම්පත්ව අප්‍රේල් 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මොරවක මහෙස්ත්‍රාත් ශශිකා මිතුනආරච්චි මහත්මිය අද (29) නියම කළාය.   

සැකකරුව අද රොටුඹ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ  රොටුඹ ව්‍යාපාරිකයා සහ ජාසිංකන්දගේ නිලංග සඳරුවන් යන ඔහුගේ සහායකයා වෙළඳසල තුළදී ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධය ඩුබායි සිට මෙහෙයු බවට  දුරකතන විශ්ලේෂණ වාර්තා බුද්ධි තොරතුරු සහ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රොටුඹ පොලීසිය විසින් මීට පෙර  පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.



අදහස් (3)

ඩුබායි රටින් පිටුවහල් කළ අමිල සම්පත් රිමාන්ඩ්

සම්පත් Sunday, 31 March 2019 02:05 PM

මිනීමරුවන්ව මොකටද හිරේ දාන්නේ? අපේ සල්ලි වලින් කකා බිබී හිරේ ඇතුලේ ඉඳලා බිස්නස් කරන්නද? කෙලින්ම එල්ලන්න තියෙන්නේ නඩුවට පස්සේ.

:       64       49

viraj Monday, 01 April 2019 03:20 AM

දැන් නියමයි.රට හිටියටත් වඩා ලේසියට සැපට කරන එවා ඇතුලේ ඉදන් කරන්න පුලුවන්. නොදකින් මෙහෙමත් රටක්දැන් නියමයි.

:       68       33

අප්පුහාමි මාමා Wednesday, 03 April 2019 04:32 AM

අනේ ආයුධ පෙන්නන්න එක්ක යන්නකො...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2127 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site