IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ලංගමයේ ටිකට් පරීක්ෂකවරු තිදෙනෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ටිකට් පරීක්ෂකවරු තිදෙනෙකු ලබන 3 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (19) නියෝග කළාය.

මගීන් දෙදෙනෙකුට ටිකට්පත් ලබා නොදීමේ වරදට නීතිමය කටයුතු නොකර සිටීමට ලංගම කොන්දොස්තරවරයකුගෙන් අල්ලස් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ටිකට් පරීක්ෂකවරුන් වන ශිරාන් අමරසූරිය, මහේෂ් සමරනායක හා තරිඳු බුද්ධික යන අයවළුන්ය.

මෙම සැකකරුවන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර කාර්යාලයේ ප්‍රාථමික ටිකට් පරික්ෂකවරුන් වන අතර ලංගම කොන්දොස්තරයකුගෙන් රුපියල් 20,000/- අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 12,000 ක් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (3)

ලංගමයේ ටිකට් පරීක්ෂකවරු තිදෙනෙක් රිමාන්ඩ්

gamarala Tuesday, 19 November 2019 07:53 AM

අල්ලස, දුෂණය රටම වෙලාගෙන තියෙන වෙලාවක ඕක මොකක්ද? අල්ලස් ගැනීම මෙන්ම ටිකට් පතක් නොදීම පිළිබවත් කොන්දොස්තරට විරුද්ධව කටයුතු කළ යුතුයි. මේ දේ රටපුරාම සිදුවන දෙයක්. මෙම ආයතනයේ මුලස්ථානය පිහිටි ප්‍රදේශයේ නිතර පරික්ෂා කලොත් මල්ලක් පුරා දිනපතා මෙවන්නවුන් අල්ලා ගත හැකියි.

:       0       10

kthsiri Tuesday, 19 November 2019 08:08 AM

ටිකට් පරික්ෂකවරුන් ප්‍රාථමික වැඩක් කරලා.

:       0       21

Sanuay Tuesday, 19 November 2019 10:56 AM

හොර වැඩට අල්ලසට කප් ගහපු අය....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site