(මනෝප‍්‍රිය ගුණසේකර)
රජයේ වාහනයක් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරු වූ දෙමළ ජාතික සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී පී.එච්. පියසේන මහතාට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා රුපියල් ලක්‍ෂ 54ක දඩයකටද නියම කළේය.
පී.එච්. පියසේන මහතා පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ධූරයේ සිටියදී භාවිති කළ අග‍්‍රාමාත්‍ය කාර්යාලයට හා ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට අයත් ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථය ඔහු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් අනතුරුව ආපසු රජයට බාරනොදී අවභාවිතා කළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහුට මෙලෙස සිරදඬුවම් හා දඩ නියම කළේය.
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඩ හා සිරදඬුවම් නියම වුයේ දිගාමඩුල්ල හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී පී.එච්. පියසේන මහතාටය.
තනතුරු වලින් ඉවත්ව යන විට රජයේ වාහන ඇතුළු දේපළ යළි රජයට බාර නුදුන් මෙවැනි විත්තිකරුවකුට ලිහිල් දඬුවමක් ලබාදුන්නොත් ‘වැරදි කර ගැලවී යා හැකියි’ යනුවෙන් සමාජයට වැරදි පුර්වාදර්ශයක් ලැබිය හැකි බව පෙන්වා දෙමින් ජේෂ්ඨ රජයේ නීතීඥ නිරාශා ජයරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකරුට ආදාළ දඩුවම් නියම කෙරිණි.
COMMENTS
විශිෂ්ටයි. කරුණාකර අනිත් හොරුන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න. අහෝ මගේ රට....
වරදට දඬුවම් දෙන්න ඕනෑ. ගිය ආණ්ඩුවේ පාලකයෝ විතරක් නොවේ...පවුල්වල මිනිස්සු පවා රජයේ සම්පත්, මුදල් මහා පරිමාණයෙන් අවභාවිතා කළා.ඒත් අදත් නඩු කල් යනවා. විභාග නොකරන ලෙසට නියෝග ගන්නවා. අන්න ඒ හොරුන්ටත් ඉක්මණින්ම දඬුවම් දීම මහා ජාතික වගකීමක්..
මේ ආකාරයටම රජයේ දේපළ අවභාවිතා කළ සියලු දෙනාටම දඬුවම් ලැබුණොත් හොඳයි මේවගේ දුප්පත් රටක අදායමට වඩා වැඩි ණය කන්දරාව එහෙම තියෙද්දී රජයේ දේපල අවභාවිතා කරන එක මොනතරම් අපරාධයක්ද?
නියමයි
පී.එච්. පියසේන කියන්නේ ද්‍රවිඩ සන්ධානයේ හිටපු එකම සිංහල මන්ත්‍රීවරයා. ඔහු සිංහල ගැමි පුද්ගලයෙක්. ඔහු වරදක් කර තිබෙනවා. නමුත් මේ රටේ පාලකයන්ගේ වැරදිත් එක්ක සංසන්දනය කරාම මේක වරදක්ද කියලත් හිතෙනවා. මොහුට නිදැල්ලේ යන්න හැරියොත් නරක පුර්වාදර්ශයක් වන නිසා දඬුවම් කරන බව අධිකරණයෙන් කියවුණත්, නිදැල්ලේ ඉන්න අනෙක් අයට තියෙන නීතිමය ලිහිල නරක පුර්වාදර්ශයක් නෙවෙයිද ? ඔය තෝරුන්ට මෝරුන්ට ඔය න්‍යාය බලපාන්නේ නැත්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.
කැන්ඩි පෝල් මහත්තයෝ, ඒ එකම සිංහලයා ඒ ද්‍රවිඩ පක්ෂයටත් මඩ ගැහුවා කියලයි මට හිතෙන්නේ. අපේ මිනිස්සු ගිය තැන වර්චස්!
ලක්ෂ 339 සාපරාධී අවභාවිත කරපු අය තවත් නිදැල්ලේ