IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


නිරෝගී වීමෙන් ලැබෙන වාසි

ලෙඩ, දුක් කරදරවලින් හිත, ගත නිදහස් කර ගැනීමම ලොකු දිනුමකි. රෝගී තත්ත්ව සේම විවිධාකාරයේ ප්‍රශ්න බොහොමයකින්ම බැට කන වකවානුවකදී අපගේ නිරෝගීමත්භාවය එයාකාරයටම රඳවා ගැනීම නම් අභියෝගයකි. 

සෞඛ්‍යය නගා සිටුවීම වැදගත් වන්නේ ඇයි සහ එමගින් ලැබෙන ප්‍රතිලාභ කවරේද යන්න මෙවර විමසා බලමු.

1)  දිගුකල් ආයු විඳීමේ අපේක්ෂාව ඉටු වේ.

වඩා වැඩි කාලයක් නිරෝගීව විසීමට කොයි කවුරුත් කැමැතියි. ලෙහෙසියෙන් සහ පහසුවෙන් නිරෝගීභාවය ළඟා කර ගත නොහැකියි. සමහර වැරැදි පුරුදු වෙනුවට හොඳ පුරුදු ආදේශ කොට ගනිමින් නිවැරැදි ජීවන රටාවකට අපි අනුගත විය යුත්තෙමු. වැරැදි පුරුදු අතර දිගු කලක් පුරාවට මත්පැන්වලට, දුම්වැටියට ඇබ්බැහිව ඇත්නම් ඒ පුරුදුවලින් නිදහස් වීමට සූදානමක් තිබිය යුතුයි. ඒ අනුව ආයු කාලය වසර 14කින් දිගු කරගැනීමට හැකි වනු ඇතැයිද පර්යේෂකයෝ පෙන්වා දෙති.

2)  නිරෝගීව සිටිය යුතුයැයි සිතීමත් හොඳ හැඟීමකි

3)  ප්‍රීතිමත්භාවය ලැබේ.

4)  එවිට වයස් ගත වුවද සතුටින් සිටිය හැකියි.

5)  අපගේ මනෝභාව වැඩි දියුණු කර ගත හැකියි.

6)  ආත්ම විශ්වාසයක් ගොඩ නඟා ගත හැකි වනු ඇත.

7)  ආතතිය පාලනය කර ගැනීමට හැකියි.

8)  ඕනෑම දෙයකට තදින් ඇබ්බැහි වීමේ නරක පුරුද්ද නවතිනු ඇත.

ඇබ්බැහියක් වුවද එක්තරා ප්‍රමාණයකට තබා ගැනීම සුදුසුයි. එනම් මධ්‍යස්ථව එය පවත්වා ගැනීම ඔබගේ කාර්යයකි.

9)  මහලු කලද ඇස් පෙනීමේ දෝෂ රහිත වීම.

මෙහිදී හෘද වාහිනී රැකේ. නැවුම් ආහාර, නිවැරැදි පෝෂණය ලැබීම නිසා මහලුව ගියද පෙනුම සම්බන්ධව ඔබ තෘප්තියකින් කල් ගෙවනු ඇත.

10)  ඔබ නිරෝගී වීම තුළම විවිධාකාරයේ රෝග සඳහා අවදානම අඩුවේ. නිරෝගීව හිඳීම නිසා රෝහල් ගත වීමක් නැත.ඔබගේ මුදල් ඉතිරි කර ගැනීමට හැකියි.

11)  අභිමානය පවත්වා ගෙන යාමට හැකියි.

ඔබ නිරෝගීව විසීමේ ක්‍රියාදාමය අනාගත පරපුරටද ආදර්ශයක් වනු නියතය. අපිට අදට වඩා හෙට දිනය ගැන සුබවාදී බලාපොරොත්තු තබා ගැනීම පහසුවනු ඇති.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

නිරෝගී වීමෙන් ලැබෙන වාසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 115 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site