IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කොවිඩ් ආසාදිත දරුවන්ට හැදෙන තවත් ලෙඩක්

ඔමික්‍රෝන් නව ප්‍රභේදය නිසාවෙන් කොවිඩ් -19 රෝගය නැවත වතාවක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇත. පසුගිය වසරවල මෙන් දැඩි කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වාර්තා වන කොරෝනා රෝගීන්ගේ ඉහළ යාම මත ඔවුන්ට තවත් රෝගයක් සඳහාද අවදානමක් මතු වේ. ‘Multi System Inflammatory Syndrome ‘ හෙවත් ‘බහු ඉන්ද්‍රීය ආසාදක රෝගතාව‘ නම් මේ සඳහා වයස අවුරුදු 5ත් 15ත් අතර වියේ පසුවන දරුවෝ ගොදුරු වෙති.

පසුගිය වසරේ වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ දැඩි ඉහළ යාම හමුවේ බහු ඉන්ද්‍රිය ආසාදක රෝගතාවෙන් පෙළෙන්නෝද දහයකට ආසන්නව කොළඹ ළමා රෝහලෙන් වාර්තා වූහ. නැවත වතාවක් කොවිඩ් රෝගීන්ගේ අඩු වීමක් දක්නට ලැබුණෙන් මෙකී රෝගීන්ද දෛනිකව වාර්තා වූයේ දෙතුන් දෙනෙකුට සීමා වෙමිනි. එහෙත් ඉදිරි සති 02හෝ සති 06 ඇතුළතදී මෙයාකාරයට කොවිඩ් -19 වේගවත්ව ව්‍යාප්ත වීම සිදුවුණ හොත් බහු ඉන්ද්‍රිය ආසාදක රෝගතාවට ගොදුරු වූවෝද ඉහළ යාමේ දැඩි අවදානමක් මතුවනු නියතය.

කොවිඩ් වයිරසය ආසාදනය වී මුල් දින 14ට පසු එනම් සති 2ත් 6ත් අතර කාලයේදී කොවිඩ් රෝග ලක්ෂණ ඇතුව හෝ නැතුව ඇතිවන රෝගී තත්ත්වයකි. දරුවන් නොදැනුම්වත්ව ඒ සඳහා ගොදුරු වීම මෙහි ඇති බරපතළ කාරණයයි

කොවිඩ් ආසාදනය වූවාට පසු සිරුර මගින් නිපදවනු ලබන ප්‍රතිදේහ සිරුරේ ඉන්ද්‍රියන් සමග ක්‍රියාකාරී වන තත්ත්වයට පත් වේ. එනම් මොළය, හෘදය වස්තුව, අක්මාව, වකුගඩු, පෙනහලු ආදී එක් එක් ඉන්ද්‍රිය සමග ප්‍රතිදේහ ක්‍රියාකාරීත්වයක් දක්වයි. එවිට එක් එක් ඉන්ද්‍රිය සමග ප්‍රතිදේහ දක්වන ක්‍රියාකාරීත්වය මත සිරුරේ පහත වෙනස්කම් හට ගැනේ.

මොළය :-  ෆිට් එක, අත් පා පණ නැති වීම

පෙනහලු :-  නිව්මෝනියා තත්ත්වය

හෘදය :-  කිරීටක ධමනිවල මහත් වීම, අධි රුධිර පීඩනය

වකුගඩු :-  වකුගඩු අකර්මණ්‍යතාව

අක්මාව :- අක්මාව විශාල වීම, බඩ රිදීම, ඇස් කහ පැහැ වීම

දින 04ක් පුරා පවතින උණ තත්ත්වය, ඇඟපතේ වේදනාව දැඩිව දැනීම, වමනය, බඩේ අමාරුව, පාචනය, ඇස් රතු වීම, ඇඟේ දද වැනි ස්වභාවයත්, දරුවාගේ ලෙඩ පැහැ ගතියත්, ඇඟේ සහ දිවේ ඇතිවන රතු ලප, බෙල්ලේ වසා ගැටිති ඇති වීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ ලෙස දැක්විය හැකියි. එබැවින් කොවිඩ් රෝගයට ගොදුරුවූ දරුවන් ගැන ඔවුන්ගේ රෝග ලක්ෂණ පිළිබඳ මවුපියන් ඉතාම සැලකිලිමත් විය යුතු කාලවකවානුවක් බව මතක් කර දිය යුතුය.

මෙහිදී දරුවන් අතර මින් පෙර වතාවකදී පැතිර ගිය කවසාකි රෝගයට සමාන රෝග ලක්ෂණ ඇති වීමටද පුලුවන. රෝගයේ භයානක තත්ත්වය වන්නේ හෘදය වස්තුවට බලපෑම් කිරීම මගින් රුධිර පීඩනය අඩු වී දරුවා මිය යාමට ඇති ඉඩකඩයි.

කොවිඩ් සේම ඩෙංගු සහ වයිරස් උණද පැතිර යන වසංගත කාලයේදී ඔබේ දරුවා ලෙඩ රෝගවලින් මුදවා තබා ගැනීම මවුපියන්ගේ වගකීමයි. දරුවන් ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගැනීමට නම් ප්‍රතිශක්තිකරණය පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කළ යුත්තෙමු. ඒ අනුව සංජනනීය ආබාධ ඇති දරුවන්ට පළමුවෙනුත් පාසල් සිසුන් වයස් කාණ්ඩ දෙකකටත්, අවුරුදු 20ට එහා තරුණ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් එන්නත්කරණ වැඩසටහන මෙරටේ ක්‍රියාත්මක කරනු ලැබිණි.

මේ වනවිට අවුරුදු 12ට වැඩි ළමයින් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවත්, අවුරුදු 16න් ඉහළ දරුවන්ට ෆයිසර් දෙවැනි මාත්‍රාවත් සහ අවුරුදු 20ට වැඩි තරුණ කණ්ඩායම් සඳහා බූස්ටර් එන්නතද ලබා දීමට කටයුතු අරඹා ඇත.

කොවිඩ් එන්නත ගැන සමාජ මාධ්‍ය හරහා වැපිරෙන මිත්‍යා මතවලට සමුදී තම දරුවාගේ ජීවිත සුරක්ෂිතතාව උදෙසා එන්නත නොපමාව ලබා දීමට මවුපියන් උනන්දු වන්න.

එමෙන්ම දරුවාට යම් ස්වසන අපහසුතාවක්, පපුව හිර කරනවා වගේ දැඩි වේදනාවක් පියවි සිහිය මඳ ගතිය, සුදුමැලි ගතිය, උදරයේ දරුණු වේදනාවක් වගේ දැනුණොත් එය බහු ඉන්ද්‍රිය ආසාදක රෝගතාවේ දරුණු බව පවසන සංඥා බව කිව යුතුමයි. එබැවින් එවන් රෝග ලක්ෂණ ගැන අවධානයෙන් පසු වී සිට නොපමාව තම දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරලීම මගින් රෝගය දරුණු තත්ත්වයට පත් වීමට ඇති අවදානම ද අවම කර ගත හැකියි. එමෙන්ම රෝගයට ගොදුරු වූ මුල් අවදියේදීම නිශ්චිතවම රෝග විනිශ්චය කර ප්‍රතිකාර ලබාදීමෙන් දරුවාගේ ජීවිත සුරක්ෂිතතාවද රැක ගත හැකියි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

කොවිඩ් ආසාදිත දරුවන්ට හැදෙන තවත් ලෙඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30489 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12501 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10902 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 241 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site