IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටියක මත්කුඩු මීගමුවෙන් අල්ලයි

(ඉන්දිකා රාමනායක)


 රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු තොගයක්  නවීන සුභෝපභෝගි මෝටර් රථයකින් හම්බන්තොට සිට මීගමුව බලා රැගෙන එමින් සිටි ජාවාරම්කරුවකු මීගමුව කුරණ ප‍්‍රදේශයේ දී සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට ගත් බව  සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.


හම්බන්තොට පදිංචි (38) හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව ග‍්‍රෑම් 700 යි මිලි ග‍්‍රෑම් 100 ක ප‍්‍රමාණයක් සහිත පාර්සලයක් තිබු බවද  සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.


 මෙම සැකකරු කාලයක පටන් සිය මෝටර් රථයෙන් හම්බන්තොට සිට මීගමුවට මත්කුඩු ප‍්‍රවාහනය කරන බවට සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත  නිලධාරීන් කණ්ඩායමක් දීර්ඝ ලෙස විමර්ශනය කිරීමෙන් පසු පෙරේදා (31 )සවස 6.00 ට පමණ මෙම සැකකරු මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව  උසස් සුරාබදු නිලධාරියෙක් පැවසීය.


 මෙම සැකකරු හෙරොයින් තොගයක් රැගෙන මීගමුව පැමිණෙන බවට   ලැබුණ තොරතුරක් අනුව  සුරාබදු  නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා  පස්වරු 6.00 ට පමණ 
 
අත්අඩංගුවට ගත් සැකකරු  අද  (1) පස්වරුවේ මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතව තිබුණි.

 



අදහස් (0)

කෝටියක මත්කුඩු මීගමුවෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site