IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කොරෝනා වැළඳුණු අම්මා දරුවාට ජීවිතය දී නෙත් පියාගනී

(පුෂ්පකුමාර ජයරත්න)

කොරෝනා වයිරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක් කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

කොබෙයිගනේ බොරළුගොඩ ප්‍රදේශයේ පදිංචි ඇයට කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයට පත්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසේරියන් සැත්කමකට යොමු කර තිබේ.

එම සැත්කමෙන් ප්‍රසූත කරන ලද දරුවාගේ ජීවිතය ගලවා ගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සමත්ව ඇතත් වයිරසය ආසාදනය වීම හේතුවෙන් සැත්කමෙන් අනතුරුව මව මරණයට පත්ව ඇති බව වාර්තාවේ.

මෙය කොරෝනා වයිරසය ආසාදනය මෙරට සිදුවූ තෙවන ගැබිණි මරණය බව සෞඛ්‍ය අංශ කියයි.

 



අදහස් (6)

කොරෝනා වැළඳුණු අම්මා දරුවාට ජීවිතය දී නෙත් පියාගනී

Sunil Milano Friday, 14 May 2021 03:06 PM

ඔබතුමියට අජරාමර නිවන් සුවය ලැබේවා...මතු උපදින කිසිම භවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා...

:       0       36

Raveendra Friday, 14 May 2021 03:25 PM

ඉතාම කනගාටුදායක සිදුවීමක්.එතුමියට නිවන්සුව ප්‍රාර්ථනා කරන්නෙමු.....

:       0       35

nimal Friday, 14 May 2021 04:21 PM

පුතුගේ උපත මවගේ විපත එකදිනයක සිදුවුනේ කෙලෙසද? ඔහු සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ... කොරෝනා නිසා මෙවැනි සිදුවීම් ලෝකයේ කොපමණ සිදුවන්නට ඇතිද?

:       7       21

චතුර Saturday, 15 May 2021 02:13 AM

"පුතුගේ උපත මවගේ විපත එකදා සිදුවුනේ කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන්දිනේ" "මා හට දී ඔයා.... ඈ සුරලොව ගියා....." ඔබතුමියට සසර වසන තුරු මෙවන් අකල් මරණයක් සිදු නොවේවා නිවන් සුව ලැබේවා!

:       0       17

banda Saturday, 15 May 2021 03:06 AM

මව නොමැතිව දරුවාට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවේ.

:       0       0

Jayantha Saturday, 15 May 2021 04:54 AM

පොලොන්නරුව රෝහලේ සේවය කරන ගර්භනි අම්මලාට නිවාඩු නෑ . පුලුවන්නම් ඔබ මාධ්‍ය ආයතනයේ අවදානය මේ ගැන යොමු කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 231 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site