(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ මහනුවරට පැමිණ අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් සහ රාමඥ්ඥ නිකායේ මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
මුලින්ම මහනුවර මල්වතු මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමියන් බැහැදැක අටපිරිකර පුජා කළ අතර අනතුරුව පැය භාගයක පමණ පිළිසඳර කතාබහද නිරත විය.
මහා නාහිමියන් සමඟ පිළිසඳර කතාබහ කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම මල්වතු අනු නාහිමියන්ද බැහැදුටුවේය.
අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි මහා නාහිමි බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.
ඊයේ පස්වරුවෙහි මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් මුල මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නාපානේ පෙමසිරි රාමඥ්ඥ නිකායේ මහා නාහිමි බැහැ දැක ආශීර්වාද ලබාගත්තේය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර



COMMENTS
මේ අනිත් එක්කෙනා. පොත්ත වෙනස් වුනාට මදය එකයි. දේශපාලන බිස්නස් එක ලංකාවේ හොදටම හොදයි.
බුලට් ෆෘප් කාර් අරන් ගියාද ?
මොකක්ද දන්නේ නැහැ ඊලග පාවාදීම.
ඔය යන්නේ කටවල් වහන්න වෙන්න ඇති.
මේක හරියට සීසන් ටිකට් එකක් ගත්තා වගේනෙ! යනවා .. එනවා .. යනවා .. එනවා! ඔයිට වඩා ලේසියි නේද, නායක ස්වාමීන්වහන්සේව පාර්ලිමේන්තුවේම නතර කර ගත්තොත්?
ජාතියේ පිනට පහල වෙච්ච අය......
ඔය ගොඩක් හාමුදුරුවන්ට තියෙන්නේ මහා නායක නමක් මිසක් මහා නායක කමක් නැහැනේ . එහෙම තිබුනානම් ඔය රට ජාතිය ආගම විනාස කරන දේශපාලුවන්ට කනේ ඇඟිලි ගහගන්න කියන්න එපා නේද?
හොඳම විහිළුව
මහානායක හාමුදුරුවරු රටට වැදගත් දෙයක් කිව්වොත් තමා පුදුමේ උන්වහන්සේලා හමුවෙන්න යන මග වියදමත් අපරාදේ අනේ අපිටත් ආගමික නායකයෝ හිටියනම් ......